Pages

Thursday, November 26, 2015

මූ අපේ ස්කෝලේ එකෙක්ද බන්

දිමුතුවා ඉතිං මාස 3 4කට සැරයක් අම්පාරේ එනවානේ

එක දවසක අම්පාරේ කානිවල්
ගහන්නේ ෆැලෑෂ් බැක්
දිමුතුවත් ආවා.

දිමුතු, ඉසුරු, ජයන්ත, ජිම් සම්පත්
සෙට් වුනා කානිවල් බලන්න යන්න

9.30 නාග සලං දැන් සෙට් එකම
නගර සභාවේ පිටි පස්සෙන් බැස්සා දැන්

මම තමයි නඩේ ගුරා. මුලින්ම අදිනවා
පට්ට වෑන් එකක් තියෙනවා.
ගියා ලගටම.

අම්මට සිරි හොදට දන්න කියන සෙට් එකක් ඉන්නවා
ඒ වුනාට කවුරුත් මතකෙට එන් නෑ.

මෙන්න දඩබඩ ගාලා සෙට් එකම වෑන් එකෙන් බහිනවා.
මතක් වෙන්නෙම නෑ

අන්තිමට බැස්සා දේහධාරි පොරක්
අම්මට සිරි "රෝස් අලගියවන්න"

සතුට වැඩි කමට
"අඩෝ රෝසා උඹත් ආවාද"
මූටත් අවුල් දන්න කියන එකෙක්ද මේ කියලා
"අද උඹ හොද සින්දු දෙකක් කියලා බහින්න ඕනි"

මු ගිය දිහාක් හොයා ගන්නත් බැරිවුනා..

පස්ස හැරිලා බැලුවා අපේ වුන් කෝ කියලා
මෙන්න යකෝ තවත් පොරක් ඉන්නවා

"අම්මට සිරි රොෂාන් අයියා උඹත් ආවාද"
රොෂාන් ප්‍රනාන්දු මගේ පස්සෙන්

"ඒ ඉසුර මෙහෙ වරෙන් රොෂාන් අයියා ඇවිල්ලා"
හැමදාම සෙට් වෙන එකෙක් වගේ මේ ටිකට මූ මට අයියත් වෙලා

දැන් ඉතිං සෙට් එකම ඇවිල්ලා කථාව

දිමුතුවත් ආවා උසට උසේ

"දිමුතු මේ රොෂාන් අයියා"
දිමුතුවා අත දික් කරලා
"හලෝ රොෂාන්"
කියලා මූ හැරුණා මගේ පැත්තට
"මූ අපේ ස්කෝලේ එකෙක්ද බන්"

කාලා හමාරයි රොෂාන්ට මොනා හිතෙන්න ඇතිද
අපේ උන් බඩ අල්ලන් හිනා වෙනකොට

Sunday, November 15, 2015

ගුරුකම


මේකනම් අපේ මාමණ්ඩිගේ කථාවක්. කථා සාගරයක් මෑන්නම්
අද එකක් ලියන්නම්

මාමාට මෑතකදී ජොබ් කට්ටක් සෙට් වුනා
කොළඹ රටේ කොන්ත්‍රාත් කරන තැනක වැඩ බලන්න

මෙතන ලොකු මහත්තයාට එකම එක දූ පොඩිත්තයි ඉන්නේ
එකා යකානේ
මේ දූ පොඩිත්තත් එහෙමයි
නා නා කාර කොල්ලොත් එක්ක සෙට් වෙලා අවසානයේ
චණ්ඩියෙක් එක්ක සෙට් වුනේ නැතියි
සල්ලි කද නිසා මූත් මේකට මෑරිගෙන

ටික දවසක් යනකොට මේක ගෙදරින් දැනගෙන
දෝණියන්දට බර බරේ

කොලුවා ආවා ගෙදරට ආදරණීය දුවගේ
අම්මා තාත්තට ආදරයෙන්
"මට දූ දුන් නැත්තම් තොපි බාවනවා"
කියලා සන්තොසෙන් යන්න ගියා

‍ලොක්ක දස අතේ කල්පනවා
අපේ මාමණ්ඩියා කොහොමත් හවසට සප්පායම්නේ
ගියා ඕපීසියට
ලොක්කා අවුලෙන්

"මොකෝ සර් අවුලෙන් ප්‍රශ්ණයක්ද"

ලොක්කා ඉතිං වෙච්ච සන්තෑසිය දිගහැරියේය

"අයියෝ ඕවා ප්‍රශ්ණද අපි දෙමු ගේමක්"

ලොක්කගේ ඉහේ මල් පිපුණි

"මොකක්ද කරන්න ඕනි අපි මං උඹට ඉල්ලන ගාණක් දෙන්නම්"

"දුව නාපු වේලාවට මට කොණ්ඩ ගස් 5ක් ගෙනත් දෙන්න"

ලොක්ක සන්තෝසේ වැඩි කමට මාමණ්ඩියා බදා ගත්තා

දැන් කොණ්ඩ ගස් 5ත් ලැබුනා

"මට මේක කරන්ඩ ගමේ යන්න ඕනි වැඩේට සල්ලි ටිකකුත් යයි"

පහුවදාම මෑන්ට සල්ලි ටිකකුත් දීලා 
නමෝ විත්තියෙන් පිටත් කරා වැඩේ කරගෙන එන්න

අපේ සීයත් මන්තර ගුරුකම් ටිකක් දන්නවා

"තාත්තා පොඩි වැඩක් තියෙනවා කර ගන්න ඕනි"

මාමා විස්තරේ සීයාට කිව්වා

"මගෙන් මොකුත් අහගන් නැතුව පලයන් යන්න"
සීයා මාමාව එලවලා දැම්මේ නැතියි

දැන් ඉතිං මොනා කරන්නද?
සතියක් ගෙවුනා
වැඩට යන්නත් ඕනි

කෙස් ගස් ටික දැම්මා ලිපට
පහුවදා ගියා වැඩට

ඕපීසියට ගොඩ වදිනකොටම
ලොක්කා ඇවිල්ලා මාමණ්ඩිව බදා ගත්තා

"අපිව බේරගත්තට පිං"

මාමණ්ඩි අඤ්ඤකොරොස්

"අරු අන්න බයික් එක ගහක හැප්පිලා දවස් 3කට කලින් මලා"

කිරි අප්පට බල්ලෝ පැනපි

බුලත් කොලයක් උඩ තියලා එම සැනින්
මුදල් කුට්ටියක් මාමාගේ අත මත

Sunday, October 4, 2015

කුමරි බඹසර 02

දැන් ඉතිං මොනවා කරන්නද පොල්ලෙන් ගැහුවා වගේ වර්ඩ් එකක්නේ ආවේ





ආපු චාන්ස් එක නිකම්ම අතහරින්නත් බෑනේ කියලා
පොඩි ටච් සිස්ටම් එකකට ගිහින් පැයක් විතර ගෙවුනා

දැන් ඉතිං මූට යන්න වේලාවත් හරි
"අපි යමු නේද නංගි දැන්"
කියලා මූ නැගිට්ටා

"මට ක්ලාස් ඉවර වෙන්නේ තව පැයක් තියෙනවනේ"

දැන් මොනා කරන්නද මෙතන ඉන්නත් බෑ

"හරි මම ටයිම් එකට බස් එකට දාන්නම් දැන් යමු අපි"

වේලාව 10ට ඇති එතකොට

දැන් අයේමත් වීල් එකට නැගලා ගමේ තියෙන
රක්ෂිතයට ගෑටුවා වේලාව එනකම්

දැන් ඉති වේලාව එනකම් ඉන්නවා
මූට දැන් යන්න ඕනි

වේලාවත් හරි දැන්
"යමු නේද නංගි"

"අනේ අයියා ඔයා වගේ එක්කෙනෙක් ලග ඉදලා මට යන්න බෑ හිතෙනවා"
මොන මාරාලයක් යකෝ මේ පාත් වෙන්නේ

"එහෙනම් ඔයාට යන්න හිතුන වේලාවක කියන්නකෝ"
කියලා මූ වීල් එකට ගිහින්
සිගරට් පැකට් එක්ක අරන් බොන්න ගත්තා

හොද නින්දකුත් අර කෑලේ මැද දැම්මා

වේලාව හවස 4යි මාරාලයට තාම යන හිතක් නෑ

"මේක හරි යන් නෑ මගෙන් ගුටි නොකා යමු"
මළම පැනලා මූ මේක ඇදගෙන ගිහින් බස් එකට බලෙන්ම පටවලා පිටත් කරා

Wednesday, September 30, 2015

කුමරි බඹසර 01

සැර වැඩි නිසාම නම් ගම් වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න


සම්මානයා සුප්පා චරිතේ අපි අතර හිටපු මගේ ගමේ වගේම අවුරුද්දක් යටින් හිටයත්
බොක්කේ ෆිට් එක

මූටත් ඒ කලේ කෑල්ලක් දා ගන්න එක සිම්පල්
මොකෝ සුදට හැඩට වැඩට ඉන්න එකානේ

අපේ ස්කූල් බස් එකේ කෑල්ලක් එනවා වෙනත් පාසලකට යන
ටච් එකක් දුන්නත් ඒකේ අවුලක් නැති නිසා මූ මේකට ඇහැ දැම්මා

කොහොමින් හරි කට්ටක් කන් නැතුවම වැඩේ ගොඩ

දැන් දාගත්ත ගමන්ම පළවෙනි සෙනසුරාදම කොහේ හරි යන්න සෙට්
බැලුවා හතර වටේ ඇන්ටනා එක දාලා යාලුවෙක්ගේ ගෙදර කවුරුත් නෑ
ඔය තියෙන්නේ දෙයියෝ පැන පැනම ටොකු ඇනලා..

දෙවියනේ කියලා මුගේ විල් කට්ටත් අරගෙන 
මතු ආරක්ෂාවට යාලුවෙකුත් දාගෙන ගමන පිටත් වුනා

මගින් අර කෑල්ලවත් දාගෙන යාලුවාගේ ගෙදරට ගියා
වීල් එකේ යාලුවා සිකුරුටි එකේ තියලා
අපේම අපේම ලොවක් කරා දෙන්නා පියඹුවා කියහන්කෝ

දැන් ඉතිං.....

"ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙළි සැදි මෙ ලතා
මණ්ඩපයෙන් චන්ඩාතප 
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ..... 

කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු
සෑම දෙසේ සංගීත ඇසේ 
පිපි තඹරන නද බඹරන 
පිය රැව් දෙන ලිය කිඳුරන....."

ඔන්න ආර්ට් කරපු උන්නම් මේ පද පේලියෙන් දන්නවා මොකද වෙන්න යන්නේ කියලා
නැත්තම් අර වික්ටර් කිව්වේ

 
"අපෙ හැඟුම්වලට ඉඩ දී මොහොතක්‌
ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌
හඳ පානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ"

වියතක ඉඩක් ලබා ගත්තත් ඇති දෙන්නට පළවෙනි හමු වීමෙම
දැන් ඉතිං දෙන්නා තමන්ගෙම ලෝක වල
නහයට අගලක් උඩින් වතුර ගියත් ඇති අඩියක් 
උඩින් වතුර ගියත් ඇතිනේ
කියලා අපේ එකා
"ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී"
හෙවනැල්ලෙන් මිදෙන්න හැදුවා විතරයි
"අයියා මගේ කුමරි බඹසර"
ගාපි කෙල්ල



කථාව තව තියෙනවා ඉවර නෑ.....


Music

Tuesday, September 29, 2015

මැදින් යන නංගි

O/L කරලා ඉවර වෙලා A/L වලට ආවට පස්සේ මමයි, අමිලයි, සුරේශයයි ආර්ට් කරන්න ආවා
ලැම්බයි, නිරෝෂනයයි අශෝක එක්ක කොමස් කරන්න ගියා.

මේක හරි යන් නෑනේ සේරම එකට ඉන්න එපැයි.
ගියා කොමස් එකට
"වරෙව් යන්න සේරමල්ලා ආර්ට් කරමු උඹලා කොහොමද වෙනම ඉන්නේ"
ලැම්බා නැගිටපු ගමන් ආවා.
නිරෝෂනයා ඩෙස්ක් එකේ කකුල බදාගෙන
"බෑ බන් මට මේක කරන්න දීපං"
කියලා මූ බෙරිහන් දෙනවා
(උඹ එදා ගත්ත තීරණය නිසයි උඹ අද ඔය වගේ තැනක ඉන්නේ මචං)

දැන් ඉතිං ලැම්බත් ආර්ට්

මොනා වුනත් යාළුවා නොබල ඉන්න බෑනේ.
හැමදාම කොටවර හෝල් එකට යනවා මූ බලන්න.

දවසක් මූ බලලා එනකොට
පුහුල්පොල හෝල් එක ලගින් යනවා හරි ලස්සන ගෑණු ළමයි හතර දෙනෙක්

අමිලයට ඉන්නම බෑනේ
"ෂ්...ෂ්.... නංගි"
ගාපි මූ

එතන හිටපු පට්මට කෑල්ල හැරිලා බැලුවා
"ඇයි අයියා"
හැරෙන තැපෑලෙන් රිප්ලයි

"මට ඔයත් එක්ක පොඩ්ඩක් කථා කරන්න පුළුවන්ද?"
අපේ එකා අහපු

"පුළුවන් අයියා"
ස්වීට් වොයිස් කොට ගවුමයි හරි අවධානම්
කොච්චර කිවත් මූ කවදාවත් තේරුම් ගන් නෑනේ

"මගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙනවා නංගි"
අම්මට සිරි මූ වන් ෂොට්ම කියලා දැම්මනේ

"අනේ අයියා මට කෙනෙක් ඉන්නවනේ"
බක්ස් ඔය තියෙන්නේ තාප්පෙටම කෙලලා

"ආ නංගි අවුලක් නෑ. එහෙනම් අර ඔයාලගේ යාළුවන්ගේ
මැදින් යන නංගිගෙන් මට අහලා කියන්නකෝ"
අපේ එකා සෙකන්ඩ් වෙන්නේ මොකටද කියලා ඇරියනේ ලගම නමලා

"හා අයියා"
කියලා කෙල්ල දිව්වා දිවිල්ලක් අපේ හිනා කටවල් ටික
ඇරෙන්නත් කලින්





මම, සුරේශ්, සංජීවනි 03

ඔන්න ඉති අවසාන කොටස මුහුණු පොතේ දැක්වූ ප්‍රතිචාර දිගටම මට ලියන්න බල කරයි වගේ



දැන් ඉතිං ප්‍රේමය නැගලම යනවා.
හැබැයි ඉතිං හොරාට තමා. නැත්තම් ගුටි පූජාවනේ

අන්තිමට මුලින් ප්‍රේමවන්තයා වුන මම සපෝටර් වුනා
අනිච්චේ දුක්ඛේ කියන්නේ මේවාට

හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් නැති නිසා එක හිතින් උදව් කරා
පන්ති කාමර රකින එක තමා ලොකුම වැඩේ

ආන්ත්‍රාවයි

මෙන්න බොලේ අනතුරු ඇගවීම ආවා

අනේතවාසිකයින් පිරිසක් පණිවිඩය අරන් ආවා

"කපිල අයියා කිව්වා සුරේශ්ට පරිස්සම් වෙලා ඉන්න කියලා"

ලැම්බා ඉතිං හැම මගුලටම පනිනවනේ
"අපිට කවුරුත් ලොකු නෑ යකෝ"
මු කියලා ඇරපි නැතයි
දැන් ඉතිං ඉල්ලගෙනම තියා ගත්තා වගේ
කරුමෙට අමිලයත් නිවාඩු. ඌ හිටියනම් මේක ගොඩින්ම සේෆ් කර ගන්න තිබ්බා
කාලා වරෙන්කෝ දැන්

ස්කෝල ඇරිලා දැන් ඉතිං දෙවියන් බුදුන් සිහි කරගෙන ටවුම පැත්තට ගාටනවා

බස් ස්ටෑන්ඩ් එකට ගොඩවුනා විතරයි

"ඒයි සුරේශ් කැ.. මෙහේ වරෙන්"
විධානයත් එක්ක බලපුවාම කොල්ලොයි බල්ලොයි රැලක්

අදනම් පට්ට කෑමක් වගේ දාලා දුවන්න ඇයි යාළුවනෝ මුන්

"ඇයි අයියා"
දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ මගේ අතිජාති මිත්‍රයා

"සංජීවනිත් එක්ක උඹේ තියෙන සම්බන්ධ නතර කරපං"
කුණුහරුප වැලකි. ගහන්න හැට හුට හමාරක්. ලොකුම චන්ඩියා සුරේෂ්ගේ දෑස මානේ


"අයියා ගහන්න කලින් මගේ කථාව අහන්න. ඊට පස්සේ වැරදිනම් මට ගහන්න"
අම්මට සිරි කොහෙන් ආපු ගටක්ද මන්දා මූ කියලා ඇරියේ නැතැයි

හැමෝම සයිලන්ස් මුගේ දිහා බලන් ඉන්නවා කථාව කියනකම්
ලැම්බටයි මටයි මේ වෙන දේ හිතා ගන්න බෑ

මූ ඔලුව උස්සලා බැලුවා චන්ඩින්ගෙන් නායකයා දිහා

"අයියා මම මේ කෙල්ලගෙන් ඇහුවේ නෑ. මේ කෙල්ල මගෙන් ඇහුවේ. අයියාගෙන් කෙල්ලෙක් ඇහුවොත් අයියා මොකද කියන්නේ. බෑ කිව්වොත් අපි නිකම්ම පොන්නයෝ වෙනවා නේද? මම වැරදිනම් මට ගහන්න"

අම්මට සිරි සෙට් එකම කරකවලා අත ඇරියා වගේ නෝ කථා නෝ සිනා

චන්ඩි නායකයා හැරුනා ලැම්බා දිහාට
"තෝ නේද මූට ගැහුවොත් බලා ගන්නම් කිව්වේ"
කියලා අැරපි නැතයි කණ පැලෙන්න

අසරණ ලැම්බා අවසානයේ සාර්ථකව තවත් වතාවක් කණ පලා ගත්තේය අදාල නැති දේකට හොම්බ දාලා

ප්‍රේමය අවසන් විය

සභාතොමෝ සතුටින් විසිර ගියේය....