Pages

Monday, November 29, 2010

මෛත්‍රී බුදුන් මේ වනවිටත් පහලවී ඇති බව සිතන අයට හා තමා මෛත්‍රී බුදුන් ලෙස හදුන්වාගන්නා අඥානයන්ට

by Nisala Aloka Bandara on Monday, November 29, 2010 at 11:25pm
බුදුන් වහන්සේ නමකගේ පහළවීම ඇති දුලබය. ඝාම්භීරය. අති උත්තමය! උන්වහන්සේලා  සත්වයන් දුකෙන් මුදවලති, ත්‍රී සහශ්‍රි ලෝක ධාතුවම ආලෝකවත් කරති. එනමුත් උන්වහන්සේලා අති දුලබ වෙති!.

ඉතාමත් මෑත දිනක තමන් මෛත්‍රී බුදුන් ලෙස හදුන්වගන්නා අයෙකු ගැන අහඹු ලෙස මටද දැනගැනීමට ලැබුණි. අනුන්ගේ දේ සෙවීම අපට තරම් නොවෙතත්, මේ පිලිබඳ අවබෝධයක් අපට දැනටමත් ඇතත්, හුදී ජන පහන සංවේගය උදෙසා මෙම ලිපිය ලිවීමට අදහස් කලෙමි.

ගෞතම බුදුන් වහන්සේගේ දේශනා අනුව යමින් අපට මෛත්‍රී බුදුන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේ ලොව පතලවන කාල වකවානුව පිළිබඳවත් පැහැදිලි ඉඟි මතුකරගත හැකිය.. බුදුන් වහන්සේලා ඔබේ මගේ උවමනාවට පහල නොවෙති, ඇතැම් රුපවාහිනී නාලිකා වලට උවමන පරිදි පහල නොවෙති, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතට උවමන පරිදි පහල නොවෙති. උන්වහන්සේලා පාරමිතා සම්පුර්ණවී නිසිකල එලම්බිවිටම පහළවෙති. ඒ ගැන හරියටම කිව හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණි.

සක්වල විභංගයට අනුව මනුෂ්‍යයාගේ උපරිම ආයු කාලය වසර 10E140 තරම් වේ. අවමය වසර කි. මෙම අවමය නිමාවට පත්වන්නේ ලෝක විනශයෙනි. ඉදිරියට පැමිණෙන ලෝක විනාශය "මුරුගසන් වර්ෂාවෙන්" ඇරඹෙන බව  දැක්වේ. ඉන් පසු ඉතිරි වන අල්පයක් මනුෂ්‍යයන් කෙමෙන් කෙමෙන් දුසිරිතෙන්, පවෙන් දුරුවීම හේතු කරගෙන ආයුෂ කාලය එක් පරම්පරාවකට වසර 10 බැගින් වන වේගයකින් වැඩිකරගනී. ඉන්පසු මෙය ඉහත සදහන් උපරිමය දක්වා ළඟාවේ. නැවතත් කෙමෙන් දුසිරිතය ළඟාවීම නිසා මෙය පරම්පරාවකට වසර 10 බැගින් අඩුවීමට පටන්ගනී. ඉඳින්, ආයු කාලය වසර 80,000 පමණ දක්වා අඩුවූ කල, මෙතේ බුදුන් ලොව පහල වේ!. අප දන්නා ගණිතයෙන් නම් මේ සදහා තව වසර 10E238 ට අසන්න කාලයක් තිබේ.  එක් බුදුවරයෙකුගේ ධර්ම රාජ්‍යයක් පවත්නකල, ඒ තුලම තවත් බුදුවරයෙක් පහල නොවේ. එය ධර්මතාවයකි. බුදුන් වහන්සේ නමක් සිය අණසක පවත්වන ත්‍රී සහශ්‍රි ලෝකධාතුව තුලම අන් බුදුවරයෙකු පහල නොවේ. අද ඊයේ දහම් මාවත පිළිපන් දරුවෙකු පවා දන්නා කරනා වෙති මේ. පුදුමයට කාරණය නම්, තමන් මෙතේ බුදුන් යයි හදුන්වගන්න අය මේවා නොදැනීමය.

මේ කරුණු හෙළිවන්නේ ධර්මය පරිහරණය කරන පිරිසටය. දන්නෝ දනිති!. නොදන්නෝ, මුලාවේ වැටෙති. මිසදිටු අදහස් වල ඇලෙති. මාර බලපෑමට හසුවූ පෘතජනයෝ මෙවන් අබූත සංකල්ප මවා අසරණ ජනයා මුලාවේ හෙලති. පව් කරගනිති, නිරයේ වැටෙති!

Adobe ගැන නොදන්න කතාවක්...!!! (Offline Installer)

 ඔන්න අද මං කියන්න යන්නේ තවත් අලුත් කථාවක්. මන් හිතානවා ඔයාල කවුරුත් මේ ගැන උනන්දු වෙයි කියල. මොකද මේක මට ගොඩාක් ගැටළුවක් වුණු දෙයක්. (ඔයාලටත් එහෙමම වෙන්න ඇති) ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. 

              මං මේ post එකෙන් ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Adobe product එකකට offline installer එකක් ගන්නෙ කියලා. ටිකක් තේරුනේ නැහැ වගේද...? මේකයි සාමන්‍යයෙන් අපි adobe product එකක් බා ගෙන install කරගද්දි අපිට ඕන කරන එ product එකට අමතරව වෙන වෙන ලොකේ නැති product ටිකකුත් install වෙනව නේද?. අපිට එවයින් වැඩකුත් නැහැ. එත් මොනා කරන්නද අයින් කරන්න බැරි නිසා ඔහේ තියන් ඉන්නවා... ඔන්න ඔය දෙයින් වැළකිලා අපිට ඕන කරන product එක විතරක් install කරගන්න විදියක් තමා මේ කියන්න යන්නේ. මං හිතන්වා දැන් ඔයාලට තේරෙන්න ඇති කියල... මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ....

01. මුලින්ම ඔයාල මේ තියෙන Link එකට යන්න. ftp://ftp.adobe.com/pub/adobe/ එතකොට ඔයාලට පහළ රූපයේ පේන විදියට Adobe සමාගමේ සියළුම product වල ලැයිස්තූවක් පෙන්න ලැබෙවි. මෙතනින් ඔයාලට ඕන කරන product එක ‍තෝර ගන්න. මං උදාහරණයක් වශයෙන් Adobe Reader 9 ‍තෝර ගන්නවා.



02. ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ platform එක (OS) ‍තෝරගන්න. මගේ Windows හන්දා මම 'win ‍තෝරගන්නවා.


03. ඊළඟට තියෙන්නෙ අපිට ඕන කරන product එකේ version එක ‍තෝරගන්නයි. මෙතන පරණ එවත් තියෙනවා. ඔයාල කැමති විදියට ‍තෝර ගන්න පුළුවන්. මං '9.x' ‍තෝර ගන්නවා.


04. ඊළඟ page එකෙත් වෙන්නේ version 9 වල තියෙන sub version එක ‍තෝරන එකයි. මම 9.4.0 ‍තෝරගත්තා.


05. දැන් තියෙන්නෙ ඔයාලට ඕන කරන Language එක ‍තෝරන එකයි. මම නම් ඉතිං US English තමා. ඉතිං මං 'en-US' ‍තෝරනවා.


06. ඊට පස්සේ ඔයාලට පෙනෙයි අපිට ඕන කරන product එකේ Installer එක. ඉතිං දැන් කරන්න තියෙන්නේ .EXE file එක බා ගන්නයි. ඉතුරු හරිය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ....


              ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. මේ ක්‍රමයට ඕනම Adobe Product එකක් ඔයාලට ගන්න පුළුවන්. එ වගේම ඔයාල ජිවිතේට අහල දැකල නැති Adobe Product මේ page එකට ගියාම ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් අදට ගිහින් එන්නම්..

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න....

Sunday, November 28, 2010

පිළිම නෙලා නැති - නන්දා මාලිනී

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී . . . පුපුරා දෙස් දේවී . . .

පීඩිත භාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියා දෙමින් ඒ විරුවන් මියැදුනි
උන්ගේ රුව වත් අප නෙත් නොගැටුනි . . .
පිළිම නෙලා නැති . . .

මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම් වැද
භීෂණ දූෂණ රජ වූ දෙරණක
සුභසෙත සලකා මලෝය උන් සැම . . .
පිළිම නෙලා නැති . . . 

Saturday, November 27, 2010

පෙරදා මැවූ සිනා

පෙරදා මැවූ සිනා 
සැඟවී කොහේ ගියාදෝ 
ඔබ ළඟින් උන්නු කාලේ 
සුන්දරයි ජීවිතේ...
මේ සීත පවනැල්ලේ 
සිත සීතලෙන් ගැහෙන්නෙ
මල් නොපිපෙනා වසන්තේ 
උණුසුම් හැඟුම් සිරවී 
ඔබගේ සෙනේ - මවෙතින් මිදී 
ළතැවේවි නම් මේ ජීවිතේ 
නොපිපෙන්න හිරු ආයේ 
කිසිදා මෙසේ...
මේ නීල තරු ගොල්ලේ 
සඳ පාළුවෙන් සරන්නේ 
රෑ කළුවරේ ගිලෙන්නෙ 
සිහිනේ දසුන් බොඳවී 
ඔබගේ රුවින් - ස්‌වරයෙන් මිදී 
ගොලුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ 
කියා මෙසේ

පදමාලාව - නිලාර් එන් කාසිම් 
ගී තනු - මහේෂ් දෙනිපිටිය
ගායනය - ශිහාන් මිහිරංග 
චිත්‍රපටය - සුවඳ දැනුනා ජීවිතේ 

අප සමග ඉතාම සමීපයෙන් සිටි කෙනෙක්‌ ඈත් වුණාම......ඇතිවන හුදෙකලාව දරාගන්න බැහැ....... ඒ අපේ පෙම්වතියනම්.......පෙම්වතානම්.......ඉවසා ඉන්න පුළුවන්ද........හුදෙකලාව තුළ සිටිමින් එදා ඔහු හෝ ඇය සමග ගත කළ ජීවිතය, සුන්දරත්වය වගේම ඒ ඇසුරේ විචිත්‍රත්වය....... සිහිපත් කරද්දී.......හිතට දැනෙන දුක.......වේදනාව......

අද අපි තෝරාගත්තේ එවැනි හුදෙකලාවක සිටින පෙම්වතෙක්‌ ගයන ගීයක්‌.........

පෙරදා මැවූ සිනා 
සැඟවී කොහේ ගියාදෝ..........
ඔබ ළඟින් උන්නූ කාලේ 
සුන්දරයි ජීවිතේ......

මෙය චිත්‍රපටයකට ලියෑවුණු ගීයක්‌...... සාමාන්‍ය සරළ ගීයකට වඩා චිත්‍රපටයකට ගීයක්‌ ලියද්දී පද රචකයාට කිsසියම් රාමුවකට කොටුවන්න සිද්ධ වෙනවා..... නිලාර්ටත් මේ ගීය ලියද්දී එවැනි කොටුවකට සීමා වෙන්න වුණා........

ධම්මික සිරිවර්ධන නම් චිත්‍රපටයේ අධ්‍යක්‌ෂවරයා මේ ගීය ලියන්න මට ආරාධනා කළේ පූර්ව තනුවකුත් ඉදිරිපත් කරමින්. තනුව මනෝඡ් දෙනිපිටියගේ.......ඒ වන විටත් ගීය ගයන්නට ශිහාන් මිහිරංගව තෝරාගෙන තිබුණා. කිසිම ගීSත රචකයකුට සරළ ගීයක්‌ ලියද්දී තියෙන නිදහස චිත්‍රපටයකට ගීයක්‌ ලියද්දී නැහැ. එකක්‌ තමයි ඒ ගීය චිත්‍රපටයේ තිර පිටපතට අදාළ විය යුතු වීම. අනෙක ගීය ගැයෙන්නෙ චිත්‍රපටයෙ ප්‍රධාන කථකයාගේ මුවින්....ඔහුගේ සමාජ තත්ත්වය හැසිරීම් රටාව, සෙල්ලක්‌කාර ගතිය..... ඒ සියල්ලටම අනුගත වන ලෙසයි මේ ගීය පදමාලාව හැසිරවිය යුත්තේ.

මේ සීත පවනැල්ලේ 
සිත සීතලෙන් ගැහෙන්නෙ 
මල් නොපිපෙනා වසන්තේ 
උණුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී 
ළතැවේවි නම් මේ ජීවිතේ........

ප්‍රේමය ලෙන්ගතු ඇසුර....... වැනි හැඟුම් මෙවැනි ගීයකදී ප්‍රකාශ කළ යුත්තේ ඒ චිත්‍රපටයේ චරිතය කේන්ද්‍රකර ගෙන බවයි නිලාර් පවසන්නේ..... මෙවැනි ගීයක්‌ ලියද්දී ශිහාන් මිsහිරංගලා නියෝජනය කරන තාරුණ්‍යයේ රැල්ලත් සැලකිල්ලට ගත යුතුයි. ප්‍රබුද්ධ, ගැඹුර වාග් මාළාවක්‌ මේ ගීතයේ පද මාලාව තුළ අපට දකින්නට ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටයකට එවන් ගැඹුරු ගීත ලියෑවෙන්නෙත් නැහැ...

අපි යළි නිලාර්ට සවන් දෙමු.

චිත්‍රපටයේ අධ්‍යක්‌ෂවරයා ඉල්ලා සිටියා, සෘජුවම ප්‍රේමය ප්‍රකාශ කිරීමත් නොව් නමුත් යටි පෙළෙහි ප්‍රේමය සැඟවුණු, මතුපිට සුහද ඇසුරක්‌ ප්‍රාර්ථනා කරන සබඳතාවකින් යුතු ගීයක්‌.....

මේ ගීයට අමතරව මම තවත් ගීත දෙකක්‌ මේ චිත්‍රපටයට ලියුවා. රොන් සුවඳ දෙන (උරේෂා/ශිහාන්) සුවඳ දැනුනා ජීවිතේ (නිරෝෂා/ අමිල පෙරේරා) මා ලියූ මේ ගීත තුනම ප්‍රේක්‌ෂකයා වැළඳ ගත්තා. අනෙක තමයි ශිහාන් මිහිරංග පහුගිය කාලේ ගැයුවේ ඔහුම ලියූ ඔහුම තනු නිර්මාණය කළ ගී. ඒත් මේ ගිය ඉන් තරමක්‌ වෙනස්‌ වූ ගීයක්‌. ඔහුගේ අනෙක්‌ ගීත අභිබවා මේ ගීය ජනප්‍රිය වුණා. ප්‍රධාන පෙළේ විද්යුත් නාලිකා ඉදිරිපත් කරන ගීත දර්ශකවල එක්‌කෝ අංක එකට නැත්නම් අංක දෙකට නැත්නම් තියෙන්නේ මේ ගීය. ඒවගේම ගීයේ ජනප්‍රියත්වයට චිත්‍රපටයේ රූප රචනාවේ රොෂාන් රණවන සහ පූජා උමාශංකර් රඟන දර්ශනයත් ඉවහල් වුණා.

මම සාමාන්‍යයෙන් ලියන ගීත ගත්තාම ඒවාට වඩා සරළ මුහුණුවරක්‌ මේ ගීයේ දකිනවා. අපි හුඟාක්‌ වෙලාවට අපේ පුද්ගලික අත්දැකීම් හෝ වෙනත් අත්දැකීමක්‌ ගීයට පාදක කර ගන්නවා. ශිහාන් මිහිරංග පළමු වරටයි මගේ ගීයක්‌ ගයන්නේ.

මේ නීල තරු ගොල්ලේ 
සඳ පාළුවෙන් සරන්නේ 
රෑ කලුවරේ ගිලෙන්නේ 
සිහිනේ දසුන් බොඳවී 

මෙය චිත්‍රපට ගීයක්‌......ඒ නිසා ගීය ලියෑවෙන්නේ නිsමිත්තක්‌ මත නොවේ.........ගීතයේ පද පෙළින් පෙළට විග්‍රහ කරන්න තරම් ගැඹුරු අර්ථයකුත් නැහැ... සරළයි...... ඒත් අද තරුණ පරපුර ඉතා හොඳින් වැළඳගත් ජනප්‍රිය ගීයක්‌.......

Tuesday, November 23, 2010

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?


මෙි ඒ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක්? මෙික හදලා තියෙන්නේ Nokia සහ ​F-secure කියන සමාගමි දෙක එකතු වෙලා?අනික මෙික සමිපුරණයෙන්ම නොමිලේ දෙන Software එකක්?

Theft Control
මෙි Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මෙිත් ඒ බව ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා?Phone එක ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාල​ට දැන ගන්න පුලුවන්?

#LOCK# - Remote Lock For Your Phone

Phone එක තැති උනාම මුලින්ම කරන්න ඔිනි දේ මෙික?මෙි විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න?රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා?මෙි Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා?එතනින් එහාට මුකුත් කරනවා බොරු?

#LOCATE# - Locate Your Missing Phone
මෙික තමයි හොදම Option එක මෙන්න මෙි විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එක​ට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්?ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා?
මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මෙි විදිය​ට Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකාට කනට හගන්න කියලා?

 #WIPE# - Remote Wipe Your Phone
මෙි දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක වලක්වන්න අන්නිම දේ විදිය​​​ට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම දේවල් මකලා දාන එක?හිතට දුකක් තමයි,ඒත් තමන්ගේ පෙීද්ගලික දේවල් වෙන කෙනෙක්ගේ අතට යනව​ට වඩා හොදයි ඒක?ඒකට කරන්න ඔිනි #WIPE# <රහස් අංකය> ඈතුලු කරලා Massage එකක් යවන එක?

මෙන්න ඒ ගැන ලස්සන Video එකක්,මෙකත් බලලා හොදට තේරැමි ගන්න?

​හැබැයි මෙික වැඩ කරන්නේ මෙන්න මෙි Os සදහා විනරයි?
  • Android 1.6, 2.x
  • Symbian S60 3rd and 5th Edition
  • Windows Mobile 6 Professional
  • Windows Mobile 6 Standard
  • Windows Mobile 5.0 for Pocket PC
  • Windows Mobile 5.0 for Smartphone
 බාගෙන ඉවර වෙලා බලලා අනිවාරන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා?
Mobile එක​ට Download කරගන්න http://f-secure.mobi වලට යන්න?









PHONE එකේ SECURITY CORD මතක නැද්ද

මේක java වලින් හදපු පොඩි softwear එකක් .. මේකෙන් කරන්නේ IMEI එකට අනුව අපේ phone එකේ master cord එක හොයල දෙන එක...අපේ ෆොනේ එකට  දාලා තියෙන security cord එක අමතක උන වෙලාවට මේ softwear එක බාවිතා කරලා master cord එක හොයාගෙන security cord එක ඉල්ලන තැනට enter කලාම අපිට පුළුවන් පරණ එක වෙනුවට අලුත් cord එකක් enter කරගන්න..ඒ කිව්වේ security cord   එක reset කරගන්න  පුළුවන් (මෙම softwear එක බාවිතා කරන්න පරිගණකයේ java ස්ථාපිත කර තිබිය යුතුයි )


මෙතනින් අරගන්න 

Monday, November 22, 2010

සඟවා ගනු මෑන ඔබෑ රුව සොඳුරියෙ

සඟවා ගනු මෑන ඔබෑ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබෑ මුව මත ගෑටෙතෑයි
මා හද බිය වී  . . . සෑලී සෑලී යයි

මහ වන පියෑසෙක අඳුරු ගුහාවක
යම් දිනයක ඔබ සඟවා තබනෙම්
හිරු රෑස් බිඳෑකුදු ඔබෙ රුව දුට සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද . . .
සඟවා ගනු මෑන . . .

සොමි සඳ වත ලෙස රුසිරු නොවිනි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නෑත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නෑත . . .
සඟවා ගනු මෑන . . .

Wednesday, November 17, 2010

සයිමන් නවගත්තේගමයන්

පස් වසරකට ඉහතදී ඔක්තෝම්බර් මස 12 වන දින ගොම්මන් කළුවර ගෙවී යමින් තිබුණු හෝරාවයි. වැහි බීරුම දසත වෙළා ගනිමින් විටෙන් විට මඳ වැසි පතිත වෙමින් බොරැල්ල කනත්ත තෙත බරිත කරමින් තිබුණි.හෙළ සාහිත කෙත අස්වැද්දූ දැවැන්ත යුග පුරුෂයෙකුගේ නික්ම යාමේ අවසන් මිනිත්තු කිහිපයද අතීතියට එකතු වූ පසු අපි යළි එන්නට හැරුණෙමු.මඳ වැස්සේම තෙමෙමින් කනත්තේ ගේට්ටුව ළඟට දිව ආ අප අසල සුදු පාට වෑන් රථයක් නතර විය.අද මෙන් සුදු වෑන් භීතියක් පැතිර ගොස් නොතිබුණු ඒ යුගයේ කිසිදු බියක් හෝ චකිතයකින් තොරව අපි ඊට ළංවීමු.

"ළඟම තියෙන බාර් එකට ගිහින් දාන්න..අද වගේ දවසක හිත උණුසුම් වෙලා තියෙද්දී ඇඟ උණුසුම් නොවුණොත් ඒක සයිමන්ට කරන මදිකමක්"

ඒ හඬ අජිත් සමරනායක නම් තවත් මිනිසෙකුගේය.ඔහුද පසු කලෙක අප හැර ගියේය.කෙසේ වුවත් බොරැල්ලේ සුප්‍රසිද්ධ අවහන්හලට වී මධුවිත තොලගාමින් සයිමන් නවගත්තේගම නම් අද්විතීය නිර්මාණකරුවාගේත්,සොඳුරු මිනිසාගේත් නික්ම යාමේ වේදනාබර මතකය සමග දොඩමළු වූ අප එතැනින් එළියට බැස්සේ වාර්ෂිකව සයිමන් ගේ නිර්මාණ හා ඔහු පිළිබඳ විද්වත් කතිකාවක් සංවිධානය කිරීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙනය.ඒත් වාසනාවකට හෝ අවාසනාවකට අප අතින් හෝ වෙනයම් සහෘද පිරිසකගෙන් හෝ සිදුනොවූයේද එයමය.එදින අප සමග සිටි ඇතැමුන් අද ජීවතුන් අතර නැත.තවත් සමහරුන් තමන්ගේ මරණ වරෙන්තුව ලියවෙන වග දැනෙද්දී මව්බිමේ දේශ සීමාව පසුකර ගොසිනි.ඉතිරි වූ අතේ ඇඟිලි ගාණටත් අඩු පිරිස් වලට අකමැත්තෙන් වුව හරි හතරැස් ජීවිත වලට ලඝු වන්නට සිදුව ඇත.කාලය වසර 5 ක් වැනි කෙටි කාලයක් වුවද එකී වසර 5 තුළ අප පය ගසා සිටි ‍පොළොවේ ආර්ථික,සමාජීය,සංස්කෘතික හා විශේෂයෙන්ම දේශපාලන භූ සිතියම අලුතින් අඳින්නට තරම් වෙනසක් සිදුව ඇත.සයිමන් අද සිටියා නම්...?බොහෝ විට එසේ නොසිතෙනවා නොවේ.සයිමන් රෝගාතුර වී සිටි අවසාන භාගයේ ඔහු හා ඔහුගේ නිර්මාණ පිළිබඳ යම් කතා බහක් කොළඹ කේන්ද්‍රීයව සිදුවිය.කෙසේ වුවද සයිමන්ගේ නික්මයාමෙන් ඉක්බිතිව ඔහු ගැන දැනෙන යමක් සිදුවූයේ වීනම් ඒ කේ.කේ සමන්කුමාර විසින් සම්පාදන කරන ලද "සිංහල ජාතියේ වංශකතාව,සංසාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම"යන කෘතිය පමණි.සිද්ධාන්තමය වශයෙන් යම් යම් අඩුලුහුඬුකම් තිබියදී වුව සමන් කුමාර විසින් දැරූ පරිශ්‍රමය සයිමන්ගේ නව කතා සාහිත්‍යයට කදිම අටුවාවක් බැව් අවිවාදිතය. 

සයිමන් නවගත්තේගමයන් 60-70-80-90 යන දශක හතරක පමණ කාලයක් නිර්මාණ ජීවිතය තුළ සැරිසැරූවෙකි.90 දශකය තුළ ඔහු ගේ නිර්මාණාත්මක දිවිය අර්බුදයට ගොස් හිස් ගඩොලක් බවට පත් වු බවට ඇතැමුන් තර්ක කරන්නේවී නමුදු නිර්මාණ කරුවෙකු ලෙස ඔහු තැබූ සටහන කිසිවෙකුටත් මකාදැමිය හැකිනොවේ.ඔහු නවකතාකරුවෙකු පමණක් නොවේ.කෙටිකතා කරුවෙකු,නාට්‍යකරුවෙකු,චිත්‍රපට තිරනාටක රචකයෙකු,ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකුයෙකු,විචාරකයෙකු,පරිවර්තකයෙකු,ලෙසද නමක් තැබූවෙකි."මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව,සාගර ජලය මදි හැඩුවා නුඹ හන්දා,බාවනාව,සාංකාව වැනි කෙටි කතා සංග්‍රහයන් සයිමන් අතින් ලියැවුණු අතර"බාවනාව"ට 1991 වසරේ රාජ්‍ය සම්මානයත්,ස්වාධීන සාහිත්‍ය සම්මානයත් හිමිවිය."සාංකාව"කෙටිකතා සංග්‍රහයටද වසරේ ස්වාධීන සාහිත්‍ය සම්මානය හිමිවිය.එසේ වුවද කුමක් හෝ හේතුවකට කෙටිකතා කරුවෙකු ලෙස ඔහු මා සිත් නොගත්තේය. 

ඔහුගේ නිර්මාණ තුළ යථාර්ථවාදී ,අධි යථාර්ථවාදී ,ඉන්ද්‍රජාලික යථාර්ථවාදී,සාංදෘෂ්ටිකවාදී,ස්වභාවිකවරණවාදී ,සංශයවාදී,ශුන්‍යතාවාදී ස්වරූපයන් විටෙන් විට ස්පර්ශවනු දැකිය හැකිය.ඉතිහාසය පිළිබඳ සයිමන් තුළ වූ දැනුම,ආදිකල්පික මිථි්‍යාවන්,ජන ශ්‍රැතිය පිළිබඳ වූ ගැඹුරු කියවීම්, ලාංකීය ජන විඥානයේ සංකීර්ණත්වය පිළිබඳ දැක්ම මහායානික බුදු දහමේ ඉගැන්වීම් තුළින් කළතා ඉදිරිපත් කරන්නට හෙතෙම ඉතා සූක්ෂ්ම විය.සයිමන්ගේ නිර්මාණ තුළින් විදාරණය වූ දිග, පළල හා ගැඹුර ඔහු ගේ රස්තියාදුවට සමපාත විය.රැකගන්නට වාමාංශික කන්‍යාභාවයක් නැති ඔහු වාමාංශිකයෙකු වන අතරම අන්ත දක්ෂිණාංශික ව්‍යාපෘතිවල ඒජන්තයෙකු විය.සෝවියට් සමාජ යථාර්ථවාදියෙකු ලෙස පෙනී සිටින අතරම අනෙක් පසින් ඉතා ලිහිල් චර්යාවකින් යුතු බොහීමියන්වාදියෙකු විය.ඇත්ත පුවත්පතට විචාරාත්මක ලිපි ලියූ ඔහු(පසුව එය සාහිත්‍යය,කලාව හා සමාජවාදය නමින් කෘතියක් බවට පත්විය.)එකී පෑන් තුඩින්ම"බුද්ධිය,ප්‍රඥාව හා ශුන්‍යත්වය"ගැන ද ලිවීය.සමාජ වෙනසක් වෙනුවෙන් අපේක්ෂාව පෙරදැරි කරගත් දේශපාලන කණ්ඩායම් වලට මහඟු කෘතියක් ලෙස සැලකෙන ෆවුලෝ ෆෙරේරේ ගේ (paulo preire)Padagogy Of the Oppressed කෘතිය "සංවාදය සංවිධානය සහ විප්ලවය "නමින් සිංහලට පරිවර්තනය කළ ඔහු ප්‍රේමදාස යුගයේ"ජනසවිය"ව්‍යාපෘතියේ රාජ්‍ය නිලධාරීතන්ත්‍රයේ මෙහෙයුම් නිලධාරියෙකු හා චන්ද්‍රිකා යුගයේ"සමෘද්ධි"ව්‍යාපෘතියේද මෙහෙයුම් නිලධාරියෙකු විය.ප්‍රේමදාස ආණ්ඩුව යටතේ මාළිගාවත්තේ පිහිටුවා තිබූ කාර්යාලයකට හිමිකම් කියූ සයිමන් නවගත්තේගම පැල්පත් වාසී දරුවන් හා අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට වේදිකාවක් තනාදීමට ද උත්සුක විය.වේදිකා හා රූපවාහිනී නාට්‍ය කිහිපයක් එළිදැක්වුණු අතර "සරු දවසක්"වැනි නාට්‍යයන් හුදු වාර්තාමය ස්වරූපය අභිබවා ගිය බව ජනසවිය කොමසාරිස්වරයාව සිටි සුසිල් සිරිවර්දන සඳහන් කර තිබිණි.මෙකී අඩු ආදායම් ලාභී පවුල් හා දරුවන් අතර සැරිසැරූ අත්දැකීම්"භාවනාව"හා"කාංසාව"යන කෙටි කතා සංග්‍රහයන්ට අත්දැකීම් වූ බව සයිමන් ම පවසා තිබේ.චන්ද්‍රිකා යුගයේ සමෘද්ධියේ උපදේශක වූ සයිමන් නවගත්තේගමට හැඳල ළමා නිවාසයේ උඩුමහලේ කාමරයක් ලබා දී තිබුණි.එකී කාමරයේ නවාතැන් ගෙන සිටි යුගයේ"සුද්දිලාගේ කතාව"ලියා හමාර කළ බව සයිමන් සමීපතමයන්ට පවසා තිබුණි. 

ඔහුගේ දෙවෙනි කෙටි කතා සංග්‍රහය වූ"සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා"කෘතියේ එන ඇතම් කෙටිකතා වල කෆ්කාගේ ආභාසය දැකිය හැකි අතරම ඔහුගේ මූල් නාට්‍ය නිර්මාණයන් වූ"ගංඟාවක්,සපත්තු කබලක් හා මණයක්,පුස් ලෝඩං,ගඟන සරණ කුරුල්ලනේ"වැනි නාට්‍යවල විකාරරූපී භාවය මනාව ගම්‍ය වේ."කසිප්පු කාරයෝ"ඔහු මළ පසු"වැනි මුල් කාලීන කෙටිකතා තුළින් යථාර්ථවාදී ලෙස තමන් උපන් වන්නිය කියවීමට ලක් කළ සයිමන් පසු කාලීනව සංසාරණ්‍යයේ දඩයක්කාරයා මුල් කරගත් නව කතා මාලාවෙන් එකී කුමාර වන්නි හත්පත්තුවම අධි යථාර්ථවාදී,අධි සත්තාවාදී,ඉන්ද්‍රජාලික යථාර්ථවාදී මානයකට කැඳවාගෙන යයි.සයිමන්ට ඉන්ද්‍රජාලික යථාර්ථවාදියෙකු ලෙස හැඳින්වීම ඇතැම් විචාරකයින්ට රිසි වූයේ නැත.සයිමන්ද ඇතැම් විටෙක"මං දන්න ඉන්ද්‍රජාලයක් නෑ ඕයි..මට දැනෙන දේ මට හිතෙන විදිහට ලියනවා..මං ලියන්නේ විනෝදෙට"යයි පවසනු මා අසා ඇත.එහෙත් එය සත්‍යයක් වරදක් නොව අර්ධ සත්‍යයක් බැව් මගේ හැඟීමයි.ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ මූලාරම්භක කෘතියක් ලෙස සැලකෙන ගාර්ෂියා මාකේෂ්ගේ"සියවසක හුදකලාව"කෘතිය පවා ඉන්ද්‍රජාලික යැයි මාකේෂ් වුව නොපිළිගනියි.එය එසේ යයි අර්ථදක්වන්නේ විචාරකයින් පමණි."සියවසක හුදකලාව"වුව යථාර්ථවාදියෙකුට එය ලතින් ඇමරිකාවේ ඉතිහාසය ලෙස යථාර්ථවාදී මානයකින් කියවිය හැකිය.සයිමන්ගේ කෘතීන්ද එසේමය.ඒවා යථාර්ථවාදීන්ට තමන්ගේ කෝවේ බහාලන්නට හැකියාවක් ඇත්තා සේම ඉන්ද්‍රජාලික යථාර්ථවාදීන්ට තමන්ගේ කෝවේ බහාලන්නට හැකියාවක් ලැබේ.එහෙත් වඩා සැලකිය යුතු කාරණය වන්නේ කාගෙ කාගෙත් කෝවේ බහාලන්නට තරම් පොහොසත් කමින් යුතුව හරි හතරැස් නොවුණු විශිෂ්ට නිර්මාණ බිහි කරන්නට සයිමන්ට තිබූ සුවිශේෂී හැකියාවයි.ඒ හැකියාවට පසුබිම උදා කර දී තිබුණේ වම-දකුණ,ගම-නගරය,පුහු සදාචාරය-සලෙලුකම/බීමත්කම,ව්‍යාජ දේශප්‍රේමිත්වය-නිදහස/ශුන්‍යත්වය ආදී කිසිදු සීමාවක තමන්ගේ සීමාව සලකුණු කර නොගනිමින් ඒ සියල්ල විනිවිද ගිය තමන්ගේම වූ රස්තියාදුවකින් ලැබූ පොහොසත්කමයි. -

සයිමන් නවගත්තේගම විසින් ලියැවුණු සංසාරණ්‍යයේ දඩයක්කාරයා,දඩයක්කාරයාගේ කතාව,සංසාරණ්‍යයේ උරුමක්කාරයා,සාපේක්ෂණී,ක්ෂීර සාගරය කැළඹිණි,සංසාරණ්‍යය අසබඩ ආදී සෑම කෘතියකටම පාහේ වැඩබිම වී ඇත්තේ කැලෑවයි.එහෙත් එය හුදු කැලෑවක් නොව සමාජීය වූ කැලෑවකි.සමකාලීන ජන ජීවිතය හා බැඳුණු සංකීර්ණත්වය වඩ වඩාත් විදාරණය කරනු පිණිස එසේත් නැතිනම් සමකාලීනත්වය විසින් සලකුණු කළ සීමා ජයගනු පිණිස පුරාණ කතාවක් ලෙස වර්තමානය ප්‍රකාශමාන කිරීමකි. "ඉතා ඈත පුරාණයේ අපේ නවගත්තේගමට සොළොස් ගව්වකට එහා පැත්තේ දඩයක්කාරයා වාසය කළේය.ඒ හරියට කීවේ මුල්ලේගම ගල්කන්ද කියාය.මුල්ලේගම ගල් කන්දේත්,ඒ කන්ද අවට ගන වනාන්තරයේත් දඩයක්කාරයා වාසය කළේය"

(සංසාරණ්‍යයේ දඩයක්කාරයා-01 පිටුව)

ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන ගියේද,පන්සලේ හාමුදුරුවන්ගේ ආරක්ෂාවට හිටියේද දඩයක්කාරයාමය. අප මෙන්ම සයිමන්ද දඩයක්කාරයාට බෙහෙවින් ඇලුම් කළේය.සයිමන් සහභාගී වූ අවසන් සාහිත්‍ය කතිකාව ලෙස ගිණිය හැකි"අප්පුහාමිලාගේ වැඩක්"ලෙස සංවිධානය කෙරුණු සුදර්ශියේ නුග ගහ යට කතා බහ ඊට කදිම නිදසුනකි.රෝහලේ සිට සේලයින් හා සිරින්ජර් කටු ද දෙඅත්වල තිබියදී පැමිණ කේ.කේ ගේ කතාවේ"කිසිදු කලෙක විශ්ව සාහිත්‍යයට එක සයිමන් කෙනෙකු තබා සයිමන්ගේ මයිලයක්වත් හදන්නට බෑ"යි කියන විට තමන්ගේ මුහුණු ප්‍රහර්ශයෙන් ආලෝකමක් කර ගත් සයිමන් දඩයක්කාරයාගේ අතට තුවක්කුව ලැබුණු ආකාරය පිළිබඳ අරවින්ද හෙට්ටිආරච්චි හා ‍බාල්දියක් ඇද ගත්තේය.

"මොනවද ඕයි..මේ යකා කියන්නේ..තුවක්කුව...?"දිගින් දිගටම සයිමන් කළ බාධා හමුවේ අරවින්දට සිය දේශනය අතරමග නවතන්නට සිදුවිය.සයිමන්ගේ බාධාව ආචාරධාර්මික නොවූවද ඒ ඔහුගේ හැටිය.මන්ද යත් ඔහු සයිමන් නවගත්තේගමම වන නිසාය.කරුවලගස් වැව ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාරගේ හඬින් කියතොත්"මුල්ලේගම කන්දට වඩා ටිකක් ලොකු මිනිහෙක්...දඩයක්කාරයාව සිය දහස්වතාවක් ඇස ගැටුණු මුල්ලේගම කන්දට වඩා ඔහු උත්තුංගය". 

සයිමන් නවගත්තේගමගේ මාහැඟි දේශපාලනික ප්‍රබන්ධය ලෙස මා දකින්නේ"සාපේක්ෂණී"කෘතියයි.එය 70 දශකයේ සිට 90 දශකය දක්වා ශ්‍රී ලාංකීය ක්‍රම විරෝධී දේශපාලනයට කදිම අටුවාවකි.වාමාශිකයින්ගේ කුහකභාවයන්,වීරයන්ගේ අංගජේදනය කිරීම(සංකේතීය වශයෙන්)නොතකා හළ ස්ත්‍රීයගේ පෙනී සිටීම ඉතා ගැඹූරින් ස්පර්ශ කරන්නට සයිමන් එහිදී සමත්වන බව නොකිවමනාය."ක්ෂීර සාගරය කැළඹිණි"මෙන්ම"සංසාරණ්‍ය අසබඩ "වැනි කෘතියක් ජීවිතයේ දිග පළල මනින්නට හෝ සමාජයේ පත්ළ ස්පර්ශ කරන්නට දරන වෑයම කෙතරම්ද යන්න සලකා බලන්නට වෙනම කතිකාවකට යා යුතුය.ඒ සඳහා හොඳම කාලය හා අවකාශය උදා වී ඇතැයි හැඟේ. 

මෙම නවකතාවල අන්තර්ගතය තුළ විද්‍යමාන වන මහායාන බුදු දහ‍මේ ලක්ෂණ පිළිබඳ අවධාරණය කරන ඇතැමුන් සයිමන්ගේ භාවිතය මෝස්තරවාදී ආවේශයක් බැව් පෙන්වාදෙන්නට උත්සාහ දරන ලද අවස්ථාවන්ද නැතුව නොවේ. එසේ වුවද සයිමන්ට තමන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවරදි තක්සේරුවක් තිබුණු බව ඔහුගේම අදහස් දැක්වීම් වලින් ගම්‍ය වේ.සයිමන් මෙසේ කියයි.

"එක එක නිර්මාණකරුවාගේ දර්ශනය හැටියට විවිධ රීතීන් බිහිවෙනවා.ඒවා එකිනෙකට සන්සන්දනය කිරීමෙන් කිසියම් බුද්ධි ප්‍රබෝධයක් ඇතිවෙනවානම් ඒක සංවාදයට පාත්‍රවීමේ වරදක් නැහැ.එහෙම සංවාදයක් ගෙනියන්න ඕන..ඒත් මගේ කෘතියෙන් සිංහල බෞද්ධ උරුමයට පහරවදින බව සමහරු ප්‍රකාශ කරනවා.මේක මහ බොරුවක්.අපි ථේරවාදයට කොටුවෙලා හිටියට අපේ දර්ශන ඉතිහාසය දිහා බැලුවම සෘග්වේද යුගයේ සිටම වේදාන්ත දර්ශනය,මහායාන සම්ප්‍රදාය දැකගන්න පුළුවන්.සිංහල බෞද්ධ ථේරවාද කිව්වට අපි මේ සියල්ල උරුම කරගත්තු පිරිසක්.අධිරාජ්‍යවාය මගිනුත්,අරාබි වෙළෙන්ඳන් මගිනුත් අපිට ලෝකයේ සියලුම චින්තාවන් උරුමවෙලා තියෙනවා..." (2005-ඔක්තෝම්බර්-11 දිනමිණ)

සයිමන් ගේ එකම යොවුන් කතාව වන"හිමාල කන්ද තරණය කළ අර්ජුන කුමාරයාගේ කතන්දරේ"යොවුන් පරපුරට වඩා අද දවසේ වැඩිහිටි පරපුරට වඩාත් වැඩදායි වන යළි කියවිය යුතු කෘතියකි.එහි අර්ජුන කුමාරයා සිංහාසනය කරා රැගෙන එන ප්‍රධාන සෙන්පතියා වන යෝධයා ට තමන්ගේ කාර්ය භාර්යය නිමා වූ මොහොතේ ජීවිතයෙන් සමුගන්නට සිදුවන්නේ තමා අරගල කළ සතුරු විමානය තමන්ගේ අරගලයෙන්ම තමන් හිසමත කඩා වැටීමෙනි.ඒ අයගේ ඉරණම ලියැවී තියෙන්නේ එහෙමයි.නායකයන් නායකත්වය කරා රැගෙන ඒ මෙන් පසු තමන් තවදුරටත් වලංගු නොවේ.අප කැමති වුවද අකමැති වූවද ඉරණම එයම වීනම් විඳගැනීම විසින් අපට යමක් පසක් කරනු ඇත.ඉතිරිවනු ඇත්තේද එයයි. සෙවලෝද් මෙයර්හෝල්ඩ් වරෙක මෙසේ ලිවීය."ආකෘතිවාදය දඩයම් කිරීමට යාමෙන් ඔබ කලාව අන්තෘස්ධාන කර ඇත."සයිමන් අප හැරගොස් පස් වසරකට පසු ඔහුව ආකෘතිවාදයට හිර නොකොට යළි දෙපයින් සිටුවීමට වෙර දැරීම හෙට දවසේත් මේ ගමන් මගේ ඇවිද එන බොහෝ දෙනෙකුට කදිම මං සලකුණක් වනු ඇත.මන්ද යත් සයිමන් නවගත්තේගම යනු මගහැර යා නොහැකි පහන් කණුවක් වන නිසාමය.අද දවසේත් හෙට දවසේත් අපගේ නොමද ගෞරවයට ඔහු පාත්‍රවනුයේ ඔහුගේ නිර්මාණ තුළින්ද සැබෑ ජීවිතය තුළින්ද අපට දායාද කළා වූ සංස්කෘතික පොහොසත්කම නිසාවෙනි.

Tuesday, November 16, 2010

රංගේ බණ්ඩාරගේ මසුරන් කියුම


flf<ys .=K fkdokakjqka iuÕ b£fuka m<la kE( mru y;=rl=g fyda tl;=ù foaYmd,k igk lrkjd
-rxf.a nKavdr rks,ag lshhs



foaYfm%aó" foaY ysff;IS yd O¾u rdcH f,an,h .idf.k thg uqjdù fydrlï lrk" fldñia .kak yd uyck uqo,ska ;rjk wh isák wdKavqjlg ;udg tl;= jkakg neß hhso" tfiakï b;sßj ;sfnk cúfm iuÕ tl;= ùug Tjqkaf.a w;S; ls%hdldrlï ksid tlÕ jkakg fkdyels hhso" tfiakï b;sßjkafka fou< cd;sl ikaOdkh jqj;a" Tjqkao ;%ia;jdohg iydh ÿka neúka Tjqka iuÕ o tl;=úh fkdyels hhso mjid we;s ta uy;d" fï rfÜ isxy, fn!oaO fyd| fm!¾Ihla yd kdhl;ajhla ìysjqjfyd;a" fldkafoais úrys;j ta mqoa.,hd iuÕ tl;=jkafka hhso Tyq i|yka fldg ;sfí'

හිත නාඹර තාලෙට - භාතිය ජයකොඩි

හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නෑටුවා
එන හිමිදිරි සිහිලට සිතුවිලි කිති කෑවුනා
එක පාරට ආදර මල් සුවඳක් දෑනුනා
මදහාස නඟා ඈ හොරෑහින් වගෙ බෑලුවා . . .

පාලු අම්බරයේ දේදුන්නක් ඈඳිලා
පාට ගෑ විගසේ පාලුව සෑඟව ගියා
ශීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාලු වූ මහදේ කවුරුද තනි මෑකුවේ
හිත නාඹර තාලෙට . . .

පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා  
ශීතලෙන් මිරිකී උදාව...