Pages

Sunday, May 22, 2011

2600 වෙනි සම්බුද්ධත්‍ව ජයන්තිය වෙනුවෙන්


වෙසක් වලට අපි ගමේ හැමෝම එකතු වෙලා කිරි ගවයින් 3න් දෙනෙක් නිදහස් කලා. බෙර ගහලා කවි කියලා මල් මාලා දාලා ලොකු පෙරහරක් තියලා අපි මේ අහිංසකයන් පන්සලට අරන් ගියා.
   පොඩි හාමුදුරුවෝ බණ පදයක් කියනවිට අපිට කලින් මෙ අසරණ සත්තුන්ගේ ඇස් වලින් කදුලු කැට වැටෙන්න ගත්තා.හැමෝගෙම ඇස් වලට කදුලු පිරුනේ මේ අසරණ සත්තුන්ගේ මල කුණු අපි කන්නේ මන්ද යන ප‍්‍රශ්ණාර්ථය ඉතිරි කරමින්

Monday, November 29, 2010

මෛත්‍රී බුදුන් මේ වනවිටත් පහලවී ඇති බව සිතන අයට හා තමා මෛත්‍රී බුදුන් ලෙස හදුන්වාගන්නා අඥානයන්ට

by Nisala Aloka Bandara on Monday, November 29, 2010 at 11:25pm
බුදුන් වහන්සේ නමකගේ පහළවීම ඇති දුලබය. ඝාම්භීරය. අති උත්තමය! උන්වහන්සේලා  සත්වයන් දුකෙන් මුදවලති, ත්‍රී සහශ්‍රි ලෝක ධාතුවම ආලෝකවත් කරති. එනමුත් උන්වහන්සේලා අති දුලබ වෙති!.

ඉතාමත් මෑත දිනක තමන් මෛත්‍රී බුදුන් ලෙස හදුන්වගන්නා අයෙකු ගැන අහඹු ලෙස මටද දැනගැනීමට ලැබුණි. අනුන්ගේ දේ සෙවීම අපට තරම් නොවෙතත්, මේ පිලිබඳ අවබෝධයක් අපට දැනටමත් ඇතත්, හුදී ජන පහන සංවේගය උදෙසා මෙම ලිපිය ලිවීමට අදහස් කලෙමි.

ගෞතම බුදුන් වහන්සේගේ දේශනා අනුව යමින් අපට මෛත්‍රී බුදුන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේ ලොව පතලවන කාල වකවානුව පිළිබඳවත් පැහැදිලි ඉඟි මතුකරගත හැකිය.. බුදුන් වහන්සේලා ඔබේ මගේ උවමනාවට පහල නොවෙති, ඇතැම් රුපවාහිනී නාලිකා වලට උවමන පරිදි පහල නොවෙති, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතට උවමන පරිදි පහල නොවෙති. උන්වහන්සේලා පාරමිතා සම්පුර්ණවී නිසිකල එලම්බිවිටම පහළවෙති. ඒ ගැන හරියටම කිව හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණි.

සක්වල විභංගයට අනුව මනුෂ්‍යයාගේ උපරිම ආයු කාලය වසර 10E140 තරම් වේ. අවමය වසර කි. මෙම අවමය නිමාවට පත්වන්නේ ලෝක විනශයෙනි. ඉදිරියට පැමිණෙන ලෝක විනාශය "මුරුගසන් වර්ෂාවෙන්" ඇරඹෙන බව  දැක්වේ. ඉන් පසු ඉතිරි වන අල්පයක් මනුෂ්‍යයන් කෙමෙන් කෙමෙන් දුසිරිතෙන්, පවෙන් දුරුවීම හේතු කරගෙන ආයුෂ කාලය එක් පරම්පරාවකට වසර 10 බැගින් වන වේගයකින් වැඩිකරගනී. ඉන්පසු මෙය ඉහත සදහන් උපරිමය දක්වා ළඟාවේ. නැවතත් කෙමෙන් දුසිරිතය ළඟාවීම නිසා මෙය පරම්පරාවකට වසර 10 බැගින් අඩුවීමට පටන්ගනී. ඉඳින්, ආයු කාලය වසර 80,000 පමණ දක්වා අඩුවූ කල, මෙතේ බුදුන් ලොව පහල වේ!. අප දන්නා ගණිතයෙන් නම් මේ සදහා තව වසර 10E238 ට අසන්න කාලයක් තිබේ.  එක් බුදුවරයෙකුගේ ධර්ම රාජ්‍යයක් පවත්නකල, ඒ තුලම තවත් බුදුවරයෙක් පහල නොවේ. එය ධර්මතාවයකි. බුදුන් වහන්සේ නමක් සිය අණසක පවත්වන ත්‍රී සහශ්‍රි ලෝකධාතුව තුලම අන් බුදුවරයෙකු පහල නොවේ. අද ඊයේ දහම් මාවත පිළිපන් දරුවෙකු පවා දන්නා කරනා වෙති මේ. පුදුමයට කාරණය නම්, තමන් මෙතේ බුදුන් යයි හදුන්වගන්න අය මේවා නොදැනීමය.

මේ කරුණු හෙළිවන්නේ ධර්මය පරිහරණය කරන පිරිසටය. දන්නෝ දනිති!. නොදන්නෝ, මුලාවේ වැටෙති. මිසදිටු අදහස් වල ඇලෙති. මාර බලපෑමට හසුවූ පෘතජනයෝ මෙවන් අබූත සංකල්ප මවා අසරණ ජනයා මුලාවේ හෙලති. පව් කරගනිති, නිරයේ වැටෙති!

Adobe ගැන නොදන්න කතාවක්...!!! (Offline Installer)

 ඔන්න අද මං කියන්න යන්නේ තවත් අලුත් කථාවක්. මන් හිතානවා ඔයාල කවුරුත් මේ ගැන උනන්දු වෙයි කියල. මොකද මේක මට ගොඩාක් ගැටළුවක් වුණු දෙයක්. (ඔයාලටත් එහෙමම වෙන්න ඇති) ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. 

              මං මේ post එකෙන් ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Adobe product එකකට offline installer එකක් ගන්නෙ කියලා. ටිකක් තේරුනේ නැහැ වගේද...? මේකයි සාමන්‍යයෙන් අපි adobe product එකක් බා ගෙන install කරගද්දි අපිට ඕන කරන එ product එකට අමතරව වෙන වෙන ලොකේ නැති product ටිකකුත් install වෙනව නේද?. අපිට එවයින් වැඩකුත් නැහැ. එත් මොනා කරන්නද අයින් කරන්න බැරි නිසා ඔහේ තියන් ඉන්නවා... ඔන්න ඔය දෙයින් වැළකිලා අපිට ඕන කරන product එක විතරක් install කරගන්න විදියක් තමා මේ කියන්න යන්නේ. මං හිතන්වා දැන් ඔයාලට තේරෙන්න ඇති කියල... මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ....

01. මුලින්ම ඔයාල මේ තියෙන Link එකට යන්න. ftp://ftp.adobe.com/pub/adobe/ එතකොට ඔයාලට පහළ රූපයේ පේන විදියට Adobe සමාගමේ සියළුම product වල ලැයිස්තූවක් පෙන්න ලැබෙවි. මෙතනින් ඔයාලට ඕන කරන product එක ‍තෝර ගන්න. මං උදාහරණයක් වශයෙන් Adobe Reader 9 ‍තෝර ගන්නවා.



02. ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ platform එක (OS) ‍තෝරගන්න. මගේ Windows හන්දා මම 'win ‍තෝරගන්නවා.


03. ඊළඟට තියෙන්නෙ අපිට ඕන කරන product එකේ version එක ‍තෝරගන්නයි. මෙතන පරණ එවත් තියෙනවා. ඔයාල කැමති විදියට ‍තෝර ගන්න පුළුවන්. මං '9.x' ‍තෝර ගන්නවා.


04. ඊළඟ page එකෙත් වෙන්නේ version 9 වල තියෙන sub version එක ‍තෝරන එකයි. මම 9.4.0 ‍තෝරගත්තා.


05. දැන් තියෙන්නෙ ඔයාලට ඕන කරන Language එක ‍තෝරන එකයි. මම නම් ඉතිං US English තමා. ඉතිං මං 'en-US' ‍තෝරනවා.


06. ඊට පස්සේ ඔයාලට පෙනෙයි අපිට ඕන කරන product එකේ Installer එක. ඉතිං දැන් කරන්න තියෙන්නේ .EXE file එක බා ගන්නයි. ඉතුරු හරිය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ....


              ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. මේ ක්‍රමයට ඕනම Adobe Product එකක් ඔයාලට ගන්න පුළුවන්. එ වගේම ඔයාල ජිවිතේට අහල දැකල නැති Adobe Product මේ page එකට ගියාම ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් අදට ගිහින් එන්නම්..

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න....

Sunday, November 28, 2010

පිළිම නෙලා නැති - නන්දා මාලිනී

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී . . . පුපුරා දෙස් දේවී . . .

පීඩිත භාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියා දෙමින් ඒ විරුවන් මියැදුනි
උන්ගේ රුව වත් අප නෙත් නොගැටුනි . . .
පිළිම නෙලා නැති . . .

මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම් වැද
භීෂණ දූෂණ රජ වූ දෙරණක
සුභසෙත සලකා මලෝය උන් සැම . . .
පිළිම නෙලා නැති . . . 

Saturday, November 27, 2010

පෙරදා මැවූ සිනා

පෙරදා මැවූ සිනා 
සැඟවී කොහේ ගියාදෝ 
ඔබ ළඟින් උන්නු කාලේ 
සුන්දරයි ජීවිතේ...
මේ සීත පවනැල්ලේ 
සිත සීතලෙන් ගැහෙන්නෙ
මල් නොපිපෙනා වසන්තේ 
උණුසුම් හැඟුම් සිරවී 
ඔබගේ සෙනේ - මවෙතින් මිදී 
ළතැවේවි නම් මේ ජීවිතේ 
නොපිපෙන්න හිරු ආයේ 
කිසිදා මෙසේ...
මේ නීල තරු ගොල්ලේ 
සඳ පාළුවෙන් සරන්නේ 
රෑ කළුවරේ ගිලෙන්නෙ 
සිහිනේ දසුන් බොඳවී 
ඔබගේ රුවින් - ස්‌වරයෙන් මිදී 
ගොලුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ 
කියා මෙසේ

පදමාලාව - නිලාර් එන් කාසිම් 
ගී තනු - මහේෂ් දෙනිපිටිය
ගායනය - ශිහාන් මිහිරංග 
චිත්‍රපටය - සුවඳ දැනුනා ජීවිතේ 

අප සමග ඉතාම සමීපයෙන් සිටි කෙනෙක්‌ ඈත් වුණාම......ඇතිවන හුදෙකලාව දරාගන්න බැහැ....... ඒ අපේ පෙම්වතියනම්.......පෙම්වතානම්.......ඉවසා ඉන්න පුළුවන්ද........හුදෙකලාව තුළ සිටිමින් එදා ඔහු හෝ ඇය සමග ගත කළ ජීවිතය, සුන්දරත්වය වගේම ඒ ඇසුරේ විචිත්‍රත්වය....... සිහිපත් කරද්දී.......හිතට දැනෙන දුක.......වේදනාව......

අද අපි තෝරාගත්තේ එවැනි හුදෙකලාවක සිටින පෙම්වතෙක්‌ ගයන ගීයක්‌.........

පෙරදා මැවූ සිනා 
සැඟවී කොහේ ගියාදෝ..........
ඔබ ළඟින් උන්නූ කාලේ 
සුන්දරයි ජීවිතේ......

මෙය චිත්‍රපටයකට ලියෑවුණු ගීයක්‌...... සාමාන්‍ය සරළ ගීයකට වඩා චිත්‍රපටයකට ගීයක්‌ ලියද්දී පද රචකයාට කිsසියම් රාමුවකට කොටුවන්න සිද්ධ වෙනවා..... නිලාර්ටත් මේ ගීය ලියද්දී එවැනි කොටුවකට සීමා වෙන්න වුණා........

ධම්මික සිරිවර්ධන නම් චිත්‍රපටයේ අධ්‍යක්‌ෂවරයා මේ ගීය ලියන්න මට ආරාධනා කළේ පූර්ව තනුවකුත් ඉදිරිපත් කරමින්. තනුව මනෝඡ් දෙනිපිටියගේ.......ඒ වන විටත් ගීය ගයන්නට ශිහාන් මිහිරංගව තෝරාගෙන තිබුණා. කිසිම ගීSත රචකයකුට සරළ ගීයක්‌ ලියද්දී තියෙන නිදහස චිත්‍රපටයකට ගීයක්‌ ලියද්දී නැහැ. එකක්‌ තමයි ඒ ගීය චිත්‍රපටයේ තිර පිටපතට අදාළ විය යුතු වීම. අනෙක ගීය ගැයෙන්නෙ චිත්‍රපටයෙ ප්‍රධාන කථකයාගේ මුවින්....ඔහුගේ සමාජ තත්ත්වය හැසිරීම් රටාව, සෙල්ලක්‌කාර ගතිය..... ඒ සියල්ලටම අනුගත වන ලෙසයි මේ ගීය පදමාලාව හැසිරවිය යුත්තේ.

මේ සීත පවනැල්ලේ 
සිත සීතලෙන් ගැහෙන්නෙ 
මල් නොපිපෙනා වසන්තේ 
උණුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී 
ළතැවේවි නම් මේ ජීවිතේ........

ප්‍රේමය ලෙන්ගතු ඇසුර....... වැනි හැඟුම් මෙවැනි ගීයකදී ප්‍රකාශ කළ යුත්තේ ඒ චිත්‍රපටයේ චරිතය කේන්ද්‍රකර ගෙන බවයි නිලාර් පවසන්නේ..... මෙවැනි ගීයක්‌ ලියද්දී ශිහාන් මිsහිරංගලා නියෝජනය කරන තාරුණ්‍යයේ රැල්ලත් සැලකිල්ලට ගත යුතුයි. ප්‍රබුද්ධ, ගැඹුර වාග් මාළාවක්‌ මේ ගීතයේ පද මාලාව තුළ අපට දකින්නට ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටයකට එවන් ගැඹුරු ගීත ලියෑවෙන්නෙත් නැහැ...

අපි යළි නිලාර්ට සවන් දෙමු.

චිත්‍රපටයේ අධ්‍යක්‌ෂවරයා ඉල්ලා සිටියා, සෘජුවම ප්‍රේමය ප්‍රකාශ කිරීමත් නොව් නමුත් යටි පෙළෙහි ප්‍රේමය සැඟවුණු, මතුපිට සුහද ඇසුරක්‌ ප්‍රාර්ථනා කරන සබඳතාවකින් යුතු ගීයක්‌.....

මේ ගීයට අමතරව මම තවත් ගීත දෙකක්‌ මේ චිත්‍රපටයට ලියුවා. රොන් සුවඳ දෙන (උරේෂා/ශිහාන්) සුවඳ දැනුනා ජීවිතේ (නිරෝෂා/ අමිල පෙරේරා) මා ලියූ මේ ගීත තුනම ප්‍රේක්‌ෂකයා වැළඳ ගත්තා. අනෙක තමයි ශිහාන් මිහිරංග පහුගිය කාලේ ගැයුවේ ඔහුම ලියූ ඔහුම තනු නිර්මාණය කළ ගී. ඒත් මේ ගිය ඉන් තරමක්‌ වෙනස්‌ වූ ගීයක්‌. ඔහුගේ අනෙක්‌ ගීත අභිබවා මේ ගීය ජනප්‍රිය වුණා. ප්‍රධාන පෙළේ විද්යුත් නාලිකා ඉදිරිපත් කරන ගීත දර්ශකවල එක්‌කෝ අංක එකට නැත්නම් අංක දෙකට නැත්නම් තියෙන්නේ මේ ගීය. ඒවගේම ගීයේ ජනප්‍රියත්වයට චිත්‍රපටයේ රූප රචනාවේ රොෂාන් රණවන සහ පූජා උමාශංකර් රඟන දර්ශනයත් ඉවහල් වුණා.

මම සාමාන්‍යයෙන් ලියන ගීත ගත්තාම ඒවාට වඩා සරළ මුහුණුවරක්‌ මේ ගීයේ දකිනවා. අපි හුඟාක්‌ වෙලාවට අපේ පුද්ගලික අත්දැකීම් හෝ වෙනත් අත්දැකීමක්‌ ගීයට පාදක කර ගන්නවා. ශිහාන් මිහිරංග පළමු වරටයි මගේ ගීයක්‌ ගයන්නේ.

මේ නීල තරු ගොල්ලේ 
සඳ පාළුවෙන් සරන්නේ 
රෑ කලුවරේ ගිලෙන්නේ 
සිහිනේ දසුන් බොඳවී 

මෙය චිත්‍රපට ගීයක්‌......ඒ නිසා ගීය ලියෑවෙන්නේ නිsමිත්තක්‌ මත නොවේ.........ගීතයේ පද පෙළින් පෙළට විග්‍රහ කරන්න තරම් ගැඹුරු අර්ථයකුත් නැහැ... සරළයි...... ඒත් අද තරුණ පරපුර ඉතා හොඳින් වැළඳගත් ජනප්‍රිය ගීයක්‌.......

Tuesday, November 23, 2010

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?


මෙි ඒ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක්? මෙික හදලා තියෙන්නේ Nokia සහ ​F-secure කියන සමාගමි දෙක එකතු වෙලා?අනික මෙික සමිපුරණයෙන්ම නොමිලේ දෙන Software එකක්?

Theft Control
මෙි Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මෙිත් ඒ බව ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා?Phone එක ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාල​ට දැන ගන්න පුලුවන්?

#LOCK# - Remote Lock For Your Phone

Phone එක තැති උනාම මුලින්ම කරන්න ඔිනි දේ මෙික?මෙි විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න?රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා?මෙි Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා?එතනින් එහාට මුකුත් කරනවා බොරු?

#LOCATE# - Locate Your Missing Phone
මෙික තමයි හොදම Option එක මෙන්න මෙි විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එක​ට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්?ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා?
මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මෙි විදිය​ට Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකාට කනට හගන්න කියලා?

 #WIPE# - Remote Wipe Your Phone
මෙි දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක වලක්වන්න අන්නිම දේ විදිය​​​ට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම දේවල් මකලා දාන එක?හිතට දුකක් තමයි,ඒත් තමන්ගේ පෙීද්ගලික දේවල් වෙන කෙනෙක්ගේ අතට යනව​ට වඩා හොදයි ඒක?ඒකට කරන්න ඔිනි #WIPE# <රහස් අංකය> ඈතුලු කරලා Massage එකක් යවන එක?

මෙන්න ඒ ගැන ලස්සන Video එකක්,මෙකත් බලලා හොදට තේරැමි ගන්න?

​හැබැයි මෙික වැඩ කරන්නේ මෙන්න මෙි Os සදහා විනරයි?
  • Android 1.6, 2.x
  • Symbian S60 3rd and 5th Edition
  • Windows Mobile 6 Professional
  • Windows Mobile 6 Standard
  • Windows Mobile 5.0 for Pocket PC
  • Windows Mobile 5.0 for Smartphone
 බාගෙන ඉවර වෙලා බලලා අනිවාරන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා?
Mobile එක​ට Download කරගන්න http://f-secure.mobi වලට යන්න?









PHONE එකේ SECURITY CORD මතක නැද්ද

මේක java වලින් හදපු පොඩි softwear එකක් .. මේකෙන් කරන්නේ IMEI එකට අනුව අපේ phone එකේ master cord එක හොයල දෙන එක...අපේ ෆොනේ එකට  දාලා තියෙන security cord එක අමතක උන වෙලාවට මේ softwear එක බාවිතා කරලා master cord එක හොයාගෙන security cord එක ඉල්ලන තැනට enter කලාම අපිට පුළුවන් පරණ එක වෙනුවට අලුත් cord එකක් enter කරගන්න..ඒ කිව්වේ security cord   එක reset කරගන්න  පුළුවන් (මෙම softwear එක බාවිතා කරන්න පරිගණකයේ java ස්ථාපිත කර තිබිය යුතුයි )


මෙතනින් අරගන්න