Pages

Wednesday, July 23, 2014

සොදුරු අතීතය

ආපසු හැරිලා බලනකොට අතීතය මොන තරම් සුන්දරද? ලියන්නම් කාටවත් නැති කවුරුත් නොවිදපු මගේ සොදුරු අතීතය.

කවුරුත් නොදන්න අපි විතරක් දන්න සුන්දර දේවල් අද පටන්

Thursday, June 16, 2011

බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා

1. ඔහු ඔහුගේ පලමු කොටස මිලදී ගන්නේ වයස අවුරුදු 11දී...ඒත් අද ඔහු කියනවා ඒත් පමා වැඩිලු... ඒ ගැන ඔහු අද පසුතැවෙනවලු !.....
ඒ කාලේ හරිම ලාබයි අදට වඩා..ඔබේ දරුවන් ආයෝජන වලට යොමු කරන්න...


2. පුවත්පත් බෙදා හැරීමේ රස්සාවකින් උපයන මුදලෙන් ඔහු අවුරුදු 14දී කුඩා ගොවිපලක් මිලදී ගන්නවා...
සුලු මුදලක් ඉතිරි කිරීමෙන් ඔබට බොහෝ දේවල් මිලට ගත හැකියි. ඔබේ දරුවන්ටත් කුඩා හෝ දෙයක් උපයන්නට හුරු කරවන්න...

3. ඔහු තවමත් ජීවත් වෙන්නේ ඔහු මීට වසර 50කට පෙර විවාහ වූ විට මිලට ගත් නිදන කාමර 3ක කුඩා නිවසේ.. ඔහු පවසන්නේ ඒ කුඩා නිවසේ ඔහුට අවශ්‍ය සියලු දේ ඈති බවයි. විශේෂය වන්නේ, ඔහුගේ නිවස වටා විශාල තාප්පයක් සහෝ වෑටක් අදටත් නොතිබීමයි...
ඔබට අත්‍යාවශ්‍ය දේ හැරුනු කොට වෙනත් අනවශ්‍ය දේ මිලට ගැනීමෙන් වලකින්න...ඔබේ දරුවන්ටත් එය හුරු කරවන්න...

4.ඔහු තවමත් ඔහුගේ මෝටර් රථය පදවාගෙන ඕනෑම තැනකට යන්නෙක්.. අදටත් ඔහුට රියෙදුරෙකු හෝ ආරක්ෂකයින් නෑ.
ඔබ ඔබම වන්න. එහි සැනසීම ඇත.

5. ඔහු කිසිදාක තම පුද්ගලික ගුවන් යානයක ගමන් යන්නේ නැහැ. එහෙත් පුදුමය වන්නේ ඔහු තමයි ලෝකයේ විශාලතම පුද්ගලික ගුවන් යාන සමාගමේ හිමිකරුවා !!

අරපිරිමැස්ම හැමවිටම හිතේ තබාගන්න... 

6. ඔහුගේම ආයතනයක් වන සමාගම සතුව පවතින 63ක් වූ සමාගම් වල විධායක අධ්‍යක්ෂ වරුන්ට , මේ සුපිරි ධනවත් හාම්පුතාගෙන් වසරකට ලැබෙන්නේ එක ලියුමයි... එහි සඳහන් වෙන්නේ එලැඹෙන වසර සඳහා ඉල්ලක්කයන්... ඔහු කිසිදාක වසර පුරා රැස්වීම් , සාකච්ඡා පවත්වන්නේ නෑ. දුරකථන ඇමතුම් දෙන්නේ නෑ.

නිසි තැනට සුදුස්සා තෝරාපත්කර ගන්න...


7. ඔහු යටතේ සිටින විධායක් අධ්‍යක්ෂවරුන්ට ඔහු පනවා ඇත්තේ නීති 2ක් පමණයි..
1. ඔබේ කොටස්කරුවන්ට අහිමි කර නොගන්න
2. පලමු නීතිය අමතක නොකරන්න.


ඉලක්ක නිර්මාණය කොට දෙන්න... ඔවුන් ඉලක්කය කරා ගමන් කරනයුරු නිරීක්ෂණය කරන්න...


8. ඉහල පෙලේ ධනවතුන් සමග ඔහු සම්භාෂණ වල යෙදෙන්නේ ඉතාමත් අඩුවෙන්.නිවසට පැමිණෙන ඔහු වඩාත් ප්‍රිය කරන්නේ පොප් කෝන් හදා ඒවා අනුභව කරමින් රූපවාහිනිය නැරඹීමටයි..

ප්‍රදර්ශනය කිරීම අනවශ්‍ය දෙයක්.. ඔබේ ජීවිතය ඔබ විඳින්න නිදහසේ...

9. ඔහු ජංගම දුරකථනයක් හෝ පුද්ගලික පරිඝනකයක් පාවිච්චි කරන්නෙකු නොවෙයි... 

10 ලොව සුපිරිම ධනවතා වන බිල් ගේට්ස් මේ අපූරු ධනවතාව මුණගැසුනා මීට වසර 5කට කලින්. බිල් සිතුවේ ඔහුට සහ මේ අපූරු ධනවතාට කතා බහ කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියායි. එනිසාම ඔහු මේ සාකච්ඡාවට අරමුණු කරන්නේ පැය භාගයක කාලයක් පමණයි. නමුත් මෙම හමුව අවසන් වූයේ පැය 10ක සුන්දර කතාබහක් අවසන බිල් ගේට්ස් ලොව දෙවන ධනවතා ගේ අනුගාමිකයකු වීමෙන්...
ඔහු ලොව සමාජ කටයුතු සඳහා පරිත්‍යාග කල මුදල ඩොලර් බිලියන 31ක්.. !


ඔහු අවසන් වශයෙන් තරුණ පරපුර සඳහා අවවාද කිහිපයක් දෙන්නටත් අමතක කළේ නෑ..

ණය කාඩ් පත් වලින් මිදෙන්න... ආයෝජනය කරන්න...
1. මුදල් වලින් මිනිසෙකු තැනිය නොහෑකියි. මතක තබා ගන්න... මුදල් නිර්මාණය කලේ මිනිසායි !!!
2. සරල ජීවිතයක් ගත කරන්න.
3. අනුනට උවමනා දේ අසා සිටින්න. ඔබට උවමනා දේ , හොඳ යැයි සිතෙන දේම කරන්න.
4. වෙලඳ නාම වලට නොරැවටෙන්න. ඔබට සුව පහසු දේ අඳින්න පලඳින්න.
5. අනවශ්‍ය දේට වියදම් කරන මුදල්, අවශ්‍යතා ඇතියෙකුට පරිත්‍යාග කරන්න.
6. ඔබේ ජීවිතය... ඔබේ නිදහසේ ගෙවන්න... අනෙකෙකුට ඔබ පාලනය කිරීමට ඉඩක් නොතබන්න...



ලෝකයේ සතුටින්ම වෙසෙන්නන් සතුව ලෝකයේ හොඳම හැමදේ ගොඩ ගසා නැත... ඔවුන් සතුටෙන් සිටීමේ රහස ඔවුන් ඔවුන් සතු දේ අගය කිරීම සහ සෑහීමට පත් වීමයි...

මේ සිටින්නේ , ලෝකයේ දෙවන සුපිරි ධනවතා Warren Buffett !!!!!! මටත් හිතෙනවා... ඔහු ධනවත් !!! ලෝකයේ හැමකෙනෙකුටම වැඩිය.... හේතුව ඔහු ලඟා කොට ගෙන සිටින සරල, සාමකාමි සැනසිලි දායක ජීවිතය අතින් ඔහු ඉතා පොහොසත් නිසා.... 
උපුටා ගැනීම http://sansaare.blogspot.com/2011/06/blog-post_10.html

Sunday, May 22, 2011

2600 වෙනි සම්බුද්ධත්‍ව ජයන්තිය වෙනුවෙන්


වෙසක් වලට අපි ගමේ හැමෝම එකතු වෙලා කිරි ගවයින් 3න් දෙනෙක් නිදහස් කලා. බෙර ගහලා කවි කියලා මල් මාලා දාලා ලොකු පෙරහරක් තියලා අපි මේ අහිංසකයන් පන්සලට අරන් ගියා.
   පොඩි හාමුදුරුවෝ බණ පදයක් කියනවිට අපිට කලින් මෙ අසරණ සත්තුන්ගේ ඇස් වලින් කදුලු කැට වැටෙන්න ගත්තා.හැමෝගෙම ඇස් වලට කදුලු පිරුනේ මේ අසරණ සත්තුන්ගේ මල කුණු අපි කන්නේ මන්ද යන ප‍්‍රශ්ණාර්ථය ඉතිරි කරමින්

Monday, November 29, 2010

මෛත්‍රී බුදුන් මේ වනවිටත් පහලවී ඇති බව සිතන අයට හා තමා මෛත්‍රී බුදුන් ලෙස හදුන්වාගන්නා අඥානයන්ට

by Nisala Aloka Bandara on Monday, November 29, 2010 at 11:25pm
බුදුන් වහන්සේ නමකගේ පහළවීම ඇති දුලබය. ඝාම්භීරය. අති උත්තමය! උන්වහන්සේලා  සත්වයන් දුකෙන් මුදවලති, ත්‍රී සහශ්‍රි ලෝක ධාතුවම ආලෝකවත් කරති. එනමුත් උන්වහන්සේලා අති දුලබ වෙති!.

ඉතාමත් මෑත දිනක තමන් මෛත්‍රී බුදුන් ලෙස හදුන්වගන්නා අයෙකු ගැන අහඹු ලෙස මටද දැනගැනීමට ලැබුණි. අනුන්ගේ දේ සෙවීම අපට තරම් නොවෙතත්, මේ පිලිබඳ අවබෝධයක් අපට දැනටමත් ඇතත්, හුදී ජන පහන සංවේගය උදෙසා මෙම ලිපිය ලිවීමට අදහස් කලෙමි.

ගෞතම බුදුන් වහන්සේගේ දේශනා අනුව යමින් අපට මෛත්‍රී බුදුන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේ ලොව පතලවන කාල වකවානුව පිළිබඳවත් පැහැදිලි ඉඟි මතුකරගත හැකිය.. බුදුන් වහන්සේලා ඔබේ මගේ උවමනාවට පහල නොවෙති, ඇතැම් රුපවාහිනී නාලිකා වලට උවමන පරිදි පහල නොවෙති, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතට උවමන පරිදි පහල නොවෙති. උන්වහන්සේලා පාරමිතා සම්පුර්ණවී නිසිකල එලම්බිවිටම පහළවෙති. ඒ ගැන හරියටම කිව හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණි.

සක්වල විභංගයට අනුව මනුෂ්‍යයාගේ උපරිම ආයු කාලය වසර 10E140 තරම් වේ. අවමය වසර කි. මෙම අවමය නිමාවට පත්වන්නේ ලෝක විනශයෙනි. ඉදිරියට පැමිණෙන ලෝක විනාශය "මුරුගසන් වර්ෂාවෙන්" ඇරඹෙන බව  දැක්වේ. ඉන් පසු ඉතිරි වන අල්පයක් මනුෂ්‍යයන් කෙමෙන් කෙමෙන් දුසිරිතෙන්, පවෙන් දුරුවීම හේතු කරගෙන ආයුෂ කාලය එක් පරම්පරාවකට වසර 10 බැගින් වන වේගයකින් වැඩිකරගනී. ඉන්පසු මෙය ඉහත සදහන් උපරිමය දක්වා ළඟාවේ. නැවතත් කෙමෙන් දුසිරිතය ළඟාවීම නිසා මෙය පරම්පරාවකට වසර 10 බැගින් අඩුවීමට පටන්ගනී. ඉඳින්, ආයු කාලය වසර 80,000 පමණ දක්වා අඩුවූ කල, මෙතේ බුදුන් ලොව පහල වේ!. අප දන්නා ගණිතයෙන් නම් මේ සදහා තව වසර 10E238 ට අසන්න කාලයක් තිබේ.  එක් බුදුවරයෙකුගේ ධර්ම රාජ්‍යයක් පවත්නකල, ඒ තුලම තවත් බුදුවරයෙක් පහල නොවේ. එය ධර්මතාවයකි. බුදුන් වහන්සේ නමක් සිය අණසක පවත්වන ත්‍රී සහශ්‍රි ලෝකධාතුව තුලම අන් බුදුවරයෙකු පහල නොවේ. අද ඊයේ දහම් මාවත පිළිපන් දරුවෙකු පවා දන්නා කරනා වෙති මේ. පුදුමයට කාරණය නම්, තමන් මෙතේ බුදුන් යයි හදුන්වගන්න අය මේවා නොදැනීමය.

මේ කරුණු හෙළිවන්නේ ධර්මය පරිහරණය කරන පිරිසටය. දන්නෝ දනිති!. නොදන්නෝ, මුලාවේ වැටෙති. මිසදිටු අදහස් වල ඇලෙති. මාර බලපෑමට හසුවූ පෘතජනයෝ මෙවන් අබූත සංකල්ප මවා අසරණ ජනයා මුලාවේ හෙලති. පව් කරගනිති, නිරයේ වැටෙති!

Adobe ගැන නොදන්න කතාවක්...!!! (Offline Installer)

 ඔන්න අද මං කියන්න යන්නේ තවත් අලුත් කථාවක්. මන් හිතානවා ඔයාල කවුරුත් මේ ගැන උනන්දු වෙයි කියල. මොකද මේක මට ගොඩාක් ගැටළුවක් වුණු දෙයක්. (ඔයාලටත් එහෙමම වෙන්න ඇති) ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. 

              මං මේ post එකෙන් ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Adobe product එකකට offline installer එකක් ගන්නෙ කියලා. ටිකක් තේරුනේ නැහැ වගේද...? මේකයි සාමන්‍යයෙන් අපි adobe product එකක් බා ගෙන install කරගද්දි අපිට ඕන කරන එ product එකට අමතරව වෙන වෙන ලොකේ නැති product ටිකකුත් install වෙනව නේද?. අපිට එවයින් වැඩකුත් නැහැ. එත් මොනා කරන්නද අයින් කරන්න බැරි නිසා ඔහේ තියන් ඉන්නවා... ඔන්න ඔය දෙයින් වැළකිලා අපිට ඕන කරන product එක විතරක් install කරගන්න විදියක් තමා මේ කියන්න යන්නේ. මං හිතන්වා දැන් ඔයාලට තේරෙන්න ඇති කියල... මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ....

01. මුලින්ම ඔයාල මේ තියෙන Link එකට යන්න. ftp://ftp.adobe.com/pub/adobe/ එතකොට ඔයාලට පහළ රූපයේ පේන විදියට Adobe සමාගමේ සියළුම product වල ලැයිස්තූවක් පෙන්න ලැබෙවි. මෙතනින් ඔයාලට ඕන කරන product එක ‍තෝර ගන්න. මං උදාහරණයක් වශයෙන් Adobe Reader 9 ‍තෝර ගන්නවා.



02. ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ platform එක (OS) ‍තෝරගන්න. මගේ Windows හන්දා මම 'win ‍තෝරගන්නවා.


03. ඊළඟට තියෙන්නෙ අපිට ඕන කරන product එකේ version එක ‍තෝරගන්නයි. මෙතන පරණ එවත් තියෙනවා. ඔයාල කැමති විදියට ‍තෝර ගන්න පුළුවන්. මං '9.x' ‍තෝර ගන්නවා.


04. ඊළඟ page එකෙත් වෙන්නේ version 9 වල තියෙන sub version එක ‍තෝරන එකයි. මම 9.4.0 ‍තෝරගත්තා.


05. දැන් තියෙන්නෙ ඔයාලට ඕන කරන Language එක ‍තෝරන එකයි. මම නම් ඉතිං US English තමා. ඉතිං මං 'en-US' ‍තෝරනවා.


06. ඊට පස්සේ ඔයාලට පෙනෙයි අපිට ඕන කරන product එකේ Installer එක. ඉතිං දැන් කරන්න තියෙන්නේ .EXE file එක බා ගන්නයි. ඉතුරු හරිය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ....


              ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. මේ ක්‍රමයට ඕනම Adobe Product එකක් ඔයාලට ගන්න පුළුවන්. එ වගේම ඔයාල ජිවිතේට අහල දැකල නැති Adobe Product මේ page එකට ගියාම ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් අදට ගිහින් එන්නම්..

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න....

Sunday, November 28, 2010

පිළිම නෙලා නැති - නන්දා මාලිනී

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී . . . පුපුරා දෙස් දේවී . . .

පීඩිත භාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියා දෙමින් ඒ විරුවන් මියැදුනි
උන්ගේ රුව වත් අප නෙත් නොගැටුනි . . .
පිළිම නෙලා නැති . . .

මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම් වැද
භීෂණ දූෂණ රජ වූ දෙරණක
සුභසෙත සලකා මලෝය උන් සැම . . .
පිළිම නෙලා නැති . . . 

Saturday, November 27, 2010

පෙරදා මැවූ සිනා

පෙරදා මැවූ සිනා 
සැඟවී කොහේ ගියාදෝ 
ඔබ ළඟින් උන්නු කාලේ 
සුන්දරයි ජීවිතේ...
මේ සීත පවනැල්ලේ 
සිත සීතලෙන් ගැහෙන්නෙ
මල් නොපිපෙනා වසන්තේ 
උණුසුම් හැඟුම් සිරවී 
ඔබගේ සෙනේ - මවෙතින් මිදී 
ළතැවේවි නම් මේ ජීවිතේ 
නොපිපෙන්න හිරු ආයේ 
කිසිදා මෙසේ...
මේ නීල තරු ගොල්ලේ 
සඳ පාළුවෙන් සරන්නේ 
රෑ කළුවරේ ගිලෙන්නෙ 
සිහිනේ දසුන් බොඳවී 
ඔබගේ රුවින් - ස්‌වරයෙන් මිදී 
ගොලුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ 
කියා මෙසේ

පදමාලාව - නිලාර් එන් කාසිම් 
ගී තනු - මහේෂ් දෙනිපිටිය
ගායනය - ශිහාන් මිහිරංග 
චිත්‍රපටය - සුවඳ දැනුනා ජීවිතේ 

අප සමග ඉතාම සමීපයෙන් සිටි කෙනෙක්‌ ඈත් වුණාම......ඇතිවන හුදෙකලාව දරාගන්න බැහැ....... ඒ අපේ පෙම්වතියනම්.......පෙම්වතානම්.......ඉවසා ඉන්න පුළුවන්ද........හුදෙකලාව තුළ සිටිමින් එදා ඔහු හෝ ඇය සමග ගත කළ ජීවිතය, සුන්දරත්වය වගේම ඒ ඇසුරේ විචිත්‍රත්වය....... සිහිපත් කරද්දී.......හිතට දැනෙන දුක.......වේදනාව......

අද අපි තෝරාගත්තේ එවැනි හුදෙකලාවක සිටින පෙම්වතෙක්‌ ගයන ගීයක්‌.........

පෙරදා මැවූ සිනා 
සැඟවී කොහේ ගියාදෝ..........
ඔබ ළඟින් උන්නූ කාලේ 
සුන්දරයි ජීවිතේ......

මෙය චිත්‍රපටයකට ලියෑවුණු ගීයක්‌...... සාමාන්‍ය සරළ ගීයකට වඩා චිත්‍රපටයකට ගීයක්‌ ලියද්දී පද රචකයාට කිsසියම් රාමුවකට කොටුවන්න සිද්ධ වෙනවා..... නිලාර්ටත් මේ ගීය ලියද්දී එවැනි කොටුවකට සීමා වෙන්න වුණා........

ධම්මික සිරිවර්ධන නම් චිත්‍රපටයේ අධ්‍යක්‌ෂවරයා මේ ගීය ලියන්න මට ආරාධනා කළේ පූර්ව තනුවකුත් ඉදිරිපත් කරමින්. තනුව මනෝඡ් දෙනිපිටියගේ.......ඒ වන විටත් ගීය ගයන්නට ශිහාන් මිහිරංගව තෝරාගෙන තිබුණා. කිසිම ගීSත රචකයකුට සරළ ගීයක්‌ ලියද්දී තියෙන නිදහස චිත්‍රපටයකට ගීයක්‌ ලියද්දී නැහැ. එකක්‌ තමයි ඒ ගීය චිත්‍රපටයේ තිර පිටපතට අදාළ විය යුතු වීම. අනෙක ගීය ගැයෙන්නෙ චිත්‍රපටයෙ ප්‍රධාන කථකයාගේ මුවින්....ඔහුගේ සමාජ තත්ත්වය හැසිරීම් රටාව, සෙල්ලක්‌කාර ගතිය..... ඒ සියල්ලටම අනුගත වන ලෙසයි මේ ගීය පදමාලාව හැසිරවිය යුත්තේ.

මේ සීත පවනැල්ලේ 
සිත සීතලෙන් ගැහෙන්නෙ 
මල් නොපිපෙනා වසන්තේ 
උණුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී 
ළතැවේවි නම් මේ ජීවිතේ........

ප්‍රේමය ලෙන්ගතු ඇසුර....... වැනි හැඟුම් මෙවැනි ගීයකදී ප්‍රකාශ කළ යුත්තේ ඒ චිත්‍රපටයේ චරිතය කේන්ද්‍රකර ගෙන බවයි නිලාර් පවසන්නේ..... මෙවැනි ගීයක්‌ ලියද්දී ශිහාන් මිsහිරංගලා නියෝජනය කරන තාරුණ්‍යයේ රැල්ලත් සැලකිල්ලට ගත යුතුයි. ප්‍රබුද්ධ, ගැඹුර වාග් මාළාවක්‌ මේ ගීතයේ පද මාලාව තුළ අපට දකින්නට ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටයකට එවන් ගැඹුරු ගීත ලියෑවෙන්නෙත් නැහැ...

අපි යළි නිලාර්ට සවන් දෙමු.

චිත්‍රපටයේ අධ්‍යක්‌ෂවරයා ඉල්ලා සිටියා, සෘජුවම ප්‍රේමය ප්‍රකාශ කිරීමත් නොව් නමුත් යටි පෙළෙහි ප්‍රේමය සැඟවුණු, මතුපිට සුහද ඇසුරක්‌ ප්‍රාර්ථනා කරන සබඳතාවකින් යුතු ගීයක්‌.....

මේ ගීයට අමතරව මම තවත් ගීත දෙකක්‌ මේ චිත්‍රපටයට ලියුවා. රොන් සුවඳ දෙන (උරේෂා/ශිහාන්) සුවඳ දැනුනා ජීවිතේ (නිරෝෂා/ අමිල පෙරේරා) මා ලියූ මේ ගීත තුනම ප්‍රේක්‌ෂකයා වැළඳ ගත්තා. අනෙක තමයි ශිහාන් මිහිරංග පහුගිය කාලේ ගැයුවේ ඔහුම ලියූ ඔහුම තනු නිර්මාණය කළ ගී. ඒත් මේ ගිය ඉන් තරමක්‌ වෙනස්‌ වූ ගීයක්‌. ඔහුගේ අනෙක්‌ ගීත අභිබවා මේ ගීය ජනප්‍රිය වුණා. ප්‍රධාන පෙළේ විද්යුත් නාලිකා ඉදිරිපත් කරන ගීත දර්ශකවල එක්‌කෝ අංක එකට නැත්නම් අංක දෙකට නැත්නම් තියෙන්නේ මේ ගීය. ඒවගේම ගීයේ ජනප්‍රියත්වයට චිත්‍රපටයේ රූප රචනාවේ රොෂාන් රණවන සහ පූජා උමාශංකර් රඟන දර්ශනයත් ඉවහල් වුණා.

මම සාමාන්‍යයෙන් ලියන ගීත ගත්තාම ඒවාට වඩා සරළ මුහුණුවරක්‌ මේ ගීයේ දකිනවා. අපි හුඟාක්‌ වෙලාවට අපේ පුද්ගලික අත්දැකීම් හෝ වෙනත් අත්දැකීමක්‌ ගීයට පාදක කර ගන්නවා. ශිහාන් මිහිරංග පළමු වරටයි මගේ ගීයක්‌ ගයන්නේ.

මේ නීල තරු ගොල්ලේ 
සඳ පාළුවෙන් සරන්නේ 
රෑ කලුවරේ ගිලෙන්නේ 
සිහිනේ දසුන් බොඳවී 

මෙය චිත්‍රපට ගීයක්‌......ඒ නිසා ගීය ලියෑවෙන්නේ නිsමිත්තක්‌ මත නොවේ.........ගීතයේ පද පෙළින් පෙළට විග්‍රහ කරන්න තරම් ගැඹුරු අර්ථයකුත් නැහැ... සරළයි...... ඒත් අද තරුණ පරපුර ඉතා හොඳින් වැළඳගත් ජනප්‍රිය ගීයක්‌.......