Pages

Saturday, November 27, 2010

පෙරදා මැවූ සිනා

පෙරදා මැවූ සිනා 
සැඟවී කොහේ ගියාදෝ 
ඔබ ළඟින් උන්නු කාලේ 
සුන්දරයි ජීවිතේ...
මේ සීත පවනැල්ලේ 
සිත සීතලෙන් ගැහෙන්නෙ
මල් නොපිපෙනා වසන්තේ 
උණුසුම් හැඟුම් සිරවී 
ඔබගේ සෙනේ - මවෙතින් මිදී 
ළතැවේවි නම් මේ ජීවිතේ 
නොපිපෙන්න හිරු ආයේ 
කිසිදා මෙසේ...
මේ නීල තරු ගොල්ලේ 
සඳ පාළුවෙන් සරන්නේ 
රෑ කළුවරේ ගිලෙන්නෙ 
සිහිනේ දසුන් බොඳවී 
ඔබගේ රුවින් - ස්‌වරයෙන් මිදී 
ගොලුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ 
කියා මෙසේ

පදමාලාව - නිලාර් එන් කාසිම් 
ගී තනු - මහේෂ් දෙනිපිටිය
ගායනය - ශිහාන් මිහිරංග 
චිත්‍රපටය - සුවඳ දැනුනා ජීවිතේ 

අප සමග ඉතාම සමීපයෙන් සිටි කෙනෙක්‌ ඈත් වුණාම......ඇතිවන හුදෙකලාව දරාගන්න බැහැ....... ඒ අපේ පෙම්වතියනම්.......පෙම්වතානම්.......ඉවසා ඉන්න පුළුවන්ද........හුදෙකලාව තුළ සිටිමින් එදා ඔහු හෝ ඇය සමග ගත කළ ජීවිතය, සුන්දරත්වය වගේම ඒ ඇසුරේ විචිත්‍රත්වය....... සිහිපත් කරද්දී.......හිතට දැනෙන දුක.......වේදනාව......

අද අපි තෝරාගත්තේ එවැනි හුදෙකලාවක සිටින පෙම්වතෙක්‌ ගයන ගීයක්‌.........

පෙරදා මැවූ සිනා 
සැඟවී කොහේ ගියාදෝ..........
ඔබ ළඟින් උන්නූ කාලේ 
සුන්දරයි ජීවිතේ......

මෙය චිත්‍රපටයකට ලියෑවුණු ගීයක්‌...... සාමාන්‍ය සරළ ගීයකට වඩා චිත්‍රපටයකට ගීයක්‌ ලියද්දී පද රචකයාට කිsසියම් රාමුවකට කොටුවන්න සිද්ධ වෙනවා..... නිලාර්ටත් මේ ගීය ලියද්දී එවැනි කොටුවකට සීමා වෙන්න වුණා........

ධම්මික සිරිවර්ධන නම් චිත්‍රපටයේ අධ්‍යක්‌ෂවරයා මේ ගීය ලියන්න මට ආරාධනා කළේ පූර්ව තනුවකුත් ඉදිරිපත් කරමින්. තනුව මනෝඡ් දෙනිපිටියගේ.......ඒ වන විටත් ගීය ගයන්නට ශිහාන් මිහිරංගව තෝරාගෙන තිබුණා. කිසිම ගීSත රචකයකුට සරළ ගීයක්‌ ලියද්දී තියෙන නිදහස චිත්‍රපටයකට ගීයක්‌ ලියද්දී නැහැ. එකක්‌ තමයි ඒ ගීය චිත්‍රපටයේ තිර පිටපතට අදාළ විය යුතු වීම. අනෙක ගීය ගැයෙන්නෙ චිත්‍රපටයෙ ප්‍රධාන කථකයාගේ මුවින්....ඔහුගේ සමාජ තත්ත්වය හැසිරීම් රටාව, සෙල්ලක්‌කාර ගතිය..... ඒ සියල්ලටම අනුගත වන ලෙසයි මේ ගීය පදමාලාව හැසිරවිය යුත්තේ.

මේ සීත පවනැල්ලේ 
සිත සීතලෙන් ගැහෙන්නෙ 
මල් නොපිපෙනා වසන්තේ 
උණුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී 
ළතැවේවි නම් මේ ජීවිතේ........

ප්‍රේමය ලෙන්ගතු ඇසුර....... වැනි හැඟුම් මෙවැනි ගීයකදී ප්‍රකාශ කළ යුත්තේ ඒ චිත්‍රපටයේ චරිතය කේන්ද්‍රකර ගෙන බවයි නිලාර් පවසන්නේ..... මෙවැනි ගීයක්‌ ලියද්දී ශිහාන් මිsහිරංගලා නියෝජනය කරන තාරුණ්‍යයේ රැල්ලත් සැලකිල්ලට ගත යුතුයි. ප්‍රබුද්ධ, ගැඹුර වාග් මාළාවක්‌ මේ ගීතයේ පද මාලාව තුළ අපට දකින්නට ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටයකට එවන් ගැඹුරු ගීත ලියෑවෙන්නෙත් නැහැ...

අපි යළි නිලාර්ට සවන් දෙමු.

චිත්‍රපටයේ අධ්‍යක්‌ෂවරයා ඉල්ලා සිටියා, සෘජුවම ප්‍රේමය ප්‍රකාශ කිරීමත් නොව් නමුත් යටි පෙළෙහි ප්‍රේමය සැඟවුණු, මතුපිට සුහද ඇසුරක්‌ ප්‍රාර්ථනා කරන සබඳතාවකින් යුතු ගීයක්‌.....

මේ ගීයට අමතරව මම තවත් ගීත දෙකක්‌ මේ චිත්‍රපටයට ලියුවා. රොන් සුවඳ දෙන (උරේෂා/ශිහාන්) සුවඳ දැනුනා ජීවිතේ (නිරෝෂා/ අමිල පෙරේරා) මා ලියූ මේ ගීත තුනම ප්‍රේක්‌ෂකයා වැළඳ ගත්තා. අනෙක තමයි ශිහාන් මිහිරංග පහුගිය කාලේ ගැයුවේ ඔහුම ලියූ ඔහුම තනු නිර්මාණය කළ ගී. ඒත් මේ ගිය ඉන් තරමක්‌ වෙනස්‌ වූ ගීයක්‌. ඔහුගේ අනෙක්‌ ගීත අභිබවා මේ ගීය ජනප්‍රිය වුණා. ප්‍රධාන පෙළේ විද්යුත් නාලිකා ඉදිරිපත් කරන ගීත දර්ශකවල එක්‌කෝ අංක එකට නැත්නම් අංක දෙකට නැත්නම් තියෙන්නේ මේ ගීය. ඒවගේම ගීයේ ජනප්‍රියත්වයට චිත්‍රපටයේ රූප රචනාවේ රොෂාන් රණවන සහ පූජා උමාශංකර් රඟන දර්ශනයත් ඉවහල් වුණා.

මම සාමාන්‍යයෙන් ලියන ගීත ගත්තාම ඒවාට වඩා සරළ මුහුණුවරක්‌ මේ ගීයේ දකිනවා. අපි හුඟාක්‌ වෙලාවට අපේ පුද්ගලික අත්දැකීම් හෝ වෙනත් අත්දැකීමක්‌ ගීයට පාදක කර ගන්නවා. ශිහාන් මිහිරංග පළමු වරටයි මගේ ගීයක්‌ ගයන්නේ.

මේ නීල තරු ගොල්ලේ 
සඳ පාළුවෙන් සරන්නේ 
රෑ කලුවරේ ගිලෙන්නේ 
සිහිනේ දසුන් බොඳවී 

මෙය චිත්‍රපට ගීයක්‌......ඒ නිසා ගීය ලියෑවෙන්නේ නිsමිත්තක්‌ මත නොවේ.........ගීතයේ පද පෙළින් පෙළට විග්‍රහ කරන්න තරම් ගැඹුරු අර්ථයකුත් නැහැ... සරළයි...... ඒත් අද තරුණ පරපුර ඉතා හොඳින් වැළඳගත් ජනප්‍රිය ගීයක්‌.......

No comments:

Post a Comment