Pages

Monday, November 29, 2010

මෛත්‍රී බුදුන් මේ වනවිටත් පහලවී ඇති බව සිතන අයට හා තමා මෛත්‍රී බුදුන් ලෙස හදුන්වාගන්නා අඥානයන්ට

by Nisala Aloka Bandara on Monday, November 29, 2010 at 11:25pm
බුදුන් වහන්සේ නමකගේ පහළවීම ඇති දුලබය. ඝාම්භීරය. අති උත්තමය! උන්වහන්සේලා  සත්වයන් දුකෙන් මුදවලති, ත්‍රී සහශ්‍රි ලෝක ධාතුවම ආලෝකවත් කරති. එනමුත් උන්වහන්සේලා අති දුලබ වෙති!.

ඉතාමත් මෑත දිනක තමන් මෛත්‍රී බුදුන් ලෙස හදුන්වගන්නා අයෙකු ගැන අහඹු ලෙස මටද දැනගැනීමට ලැබුණි. අනුන්ගේ දේ සෙවීම අපට තරම් නොවෙතත්, මේ පිලිබඳ අවබෝධයක් අපට දැනටමත් ඇතත්, හුදී ජන පහන සංවේගය උදෙසා මෙම ලිපිය ලිවීමට අදහස් කලෙමි.

ගෞතම බුදුන් වහන්සේගේ දේශනා අනුව යමින් අපට මෛත්‍රී බුදුන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේ ලොව පතලවන කාල වකවානුව පිළිබඳවත් පැහැදිලි ඉඟි මතුකරගත හැකිය.. බුදුන් වහන්සේලා ඔබේ මගේ උවමනාවට පහල නොවෙති, ඇතැම් රුපවාහිනී නාලිකා වලට උවමන පරිදි පහල නොවෙති, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතට උවමන පරිදි පහල නොවෙති. උන්වහන්සේලා පාරමිතා සම්පුර්ණවී නිසිකල එලම්බිවිටම පහළවෙති. ඒ ගැන හරියටම කිව හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණි.

සක්වල විභංගයට අනුව මනුෂ්‍යයාගේ උපරිම ආයු කාලය වසර 10E140 තරම් වේ. අවමය වසර කි. මෙම අවමය නිමාවට පත්වන්නේ ලෝක විනශයෙනි. ඉදිරියට පැමිණෙන ලෝක විනාශය "මුරුගසන් වර්ෂාවෙන්" ඇරඹෙන බව  දැක්වේ. ඉන් පසු ඉතිරි වන අල්පයක් මනුෂ්‍යයන් කෙමෙන් කෙමෙන් දුසිරිතෙන්, පවෙන් දුරුවීම හේතු කරගෙන ආයුෂ කාලය එක් පරම්පරාවකට වසර 10 බැගින් වන වේගයකින් වැඩිකරගනී. ඉන්පසු මෙය ඉහත සදහන් උපරිමය දක්වා ළඟාවේ. නැවතත් කෙමෙන් දුසිරිතය ළඟාවීම නිසා මෙය පරම්පරාවකට වසර 10 බැගින් අඩුවීමට පටන්ගනී. ඉඳින්, ආයු කාලය වසර 80,000 පමණ දක්වා අඩුවූ කල, මෙතේ බුදුන් ලොව පහල වේ!. අප දන්නා ගණිතයෙන් නම් මේ සදහා තව වසර 10E238 ට අසන්න කාලයක් තිබේ.  එක් බුදුවරයෙකුගේ ධර්ම රාජ්‍යයක් පවත්නකල, ඒ තුලම තවත් බුදුවරයෙක් පහල නොවේ. එය ධර්මතාවයකි. බුදුන් වහන්සේ නමක් සිය අණසක පවත්වන ත්‍රී සහශ්‍රි ලෝකධාතුව තුලම අන් බුදුවරයෙකු පහල නොවේ. අද ඊයේ දහම් මාවත පිළිපන් දරුවෙකු පවා දන්නා කරනා වෙති මේ. පුදුමයට කාරණය නම්, තමන් මෙතේ බුදුන් යයි හදුන්වගන්න අය මේවා නොදැනීමය.

මේ කරුණු හෙළිවන්නේ ධර්මය පරිහරණය කරන පිරිසටය. දන්නෝ දනිති!. නොදන්නෝ, මුලාවේ වැටෙති. මිසදිටු අදහස් වල ඇලෙති. මාර බලපෑමට හසුවූ පෘතජනයෝ මෙවන් අබූත සංකල්ප මවා අසරණ ජනයා මුලාවේ හෙලති. පව් කරගනිති, නිරයේ වැටෙති!

1 comment:

  1. Thanks for doing your part for my effort Laksiri. The truth should be convayed to as much as possible so that will supprt more and more people to be enlightned.

    I am keep on wrtiitng and you may want to look at my blog.
    http://nisalatp.wordpress.com

    Theruwan Saranai and Thank you very much..

    ReplyDelete