Pages

Sunday, November 28, 2010

පිළිම නෙලා නැති - නන්දා මාලිනී

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී . . . පුපුරා දෙස් දේවී . . .

පීඩිත භාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියා දෙමින් ඒ විරුවන් මියැදුනි
උන්ගේ රුව වත් අප නෙත් නොගැටුනි . . .
පිළිම නෙලා නැති . . .

මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම් වැද
භීෂණ දූෂණ රජ වූ දෙරණක
සුභසෙත සලකා මලෝය උන් සැම . . .
පිළිම නෙලා නැති . . . 

No comments:

Post a Comment